• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

ගමට පාරක් හදන නූතන මඝ මානවකයෝ

Kegalle road develpmentකෑගල්ල හා ගංතුන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස යා කෙරෙන කෑගල්ල ගංතුන  මාර්ගයේ ගමගාගමනයට බාධාවක් ව පැවති කිලෝමීටර් දෙකහමාරක පමණ  අබලන් කොටසක් ගම්වැසියන්ගේ දායකත්වයෙන් පිළිසකර කිරීම පසුගිය දා සිදු කෙරිණි.

ඒ අනුව ගංතුන, උඩගම හා මැදගම යන ග්‍රාම සේවක කොට්ඨාස වලට අයත් පවුල් 3000කට ආසන්න පිරිසකට මෙමගින් සහන සැලසේ.

2006 වසරේ සිට කිසිදු සංවර්ධන ව්‍යාපෘතියක් යටතේ සංවර්ධන ‍නොවූනු මෙම මාර්ගයේ පිළිසකර කිරීම් සඳහා මූල්‍යමය දායකත්වය ලබා දී ඇත්තේ ප්‍රදේශයේ දානපතියන් විසිනි.

ඒ අනුව සිමෙන්ති කොට්ට 120ක් , ගල් වැලි සපයා ගැනීමෙන් අනතුරුව ගම්වැසියන්ගේ ශ්‍රමදායක්තයෙන් පිළිසකර කිරීමේ කටයුතු සිදුකෙරිණි.

මුහුදු මට්ටමේ සිට අඩි 1624ක් උසින් යුතු ගංතුන කඳුකර ප්‍රදේශයේ ජනතාව කෘෂි වගාවෙන් ජීවිකාව ගෙන යන අතර විශේෂයෙන්ම තේ වගාව මෙහි ප්‍රධාන කෘෂි බෝගය වේ. මාර්ගය අබලන් වීම  තම නිෂ්පාදන වෙළෙඳ පළට රැගෙය යාමට මුහුණ පාන ප්‍රධාන ගැටලුවක් බව ගම්වැසියෝ සඳහන් කරති.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.