• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

අයි රෝඩ් ව්‍යාපෘතිය මගින් මාතර දිස්ත්‍රික්කයට රුපියල් මිලියන 5326ක්

Roadආසියානු සංවර්ධන බැංකුවේ ණය ආධාර මත ක්‍රියාත්මක කෙරෙන අයිරෝඩ් ව්‍යාපෘතිය මගින් මාතර දිස්ත්‍රික්කයේ අන්තර් ගම්මාන පිවිසුම් මාර්ග සංවර්ධනය කිරීම සඳහා රුපියල් මිලියන 5326ක මුදල් ප්‍රතිපාදන වෙන් කර තිබේ.

අන්තර් ගම්මාන ඒකාබද්ධ මාර්ග ආයෝජන වැඩසටහන වශයෙන් නම් කර තිබෙන මෙම වැඩසටහන මගින් මාතර දිස්ත්‍රික්කයේ ප්‍රධාන මාර්ග වලට පිවිසුම් මාර්ග 67ක කිලෝමීටර් 217.50ක් සංවර්ධනය කිරීමට නියමිත ය.

මේ වන විට මැනුම් කටයුතු ඇතුළු මූලික කටයුතු අවසන් කර කිලෝමීටර් 188ක වැඩ ආරම්භ කර ඇති අතර ව්‍යාපෘතියේ මාතර දිස්ත්‍රික් ප්‍රගතිය 64% කි.

මෙහි දී නව මාර්ග ඉදිකිරීමක් සිදු නොකෙරෙන අතර දැනට ඉදිකර තිබෙන මාර්ගවල කාපට් අතුරා සංවර්ධනය කිරීම සිදු කෙරේ.ව්‍යාපෘතිය ආරම්භක දිනයේ සට වසර 05ක් තුළ ක්‍රියාත්මක කර අවසන් කළ යුතු ය. මාර්ග සංවර්ධන අධිකාරියේ පූර්ණ අධීක්ෂණය යටතේ ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවේ.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.