• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

පොල් වගාවන් සඳහා පොහොර සහනාධාර රුපියල් මිලියන 22ක් මාතරට

fertilizerරජයේ පොහොර සහනාධාර වැඩසටහන යටතේ පොහොර වෙනුවට මුදල් ලබාදීමේ වැඩපිළිවෙළ අනුව මාතර දිස්ත්‍රික්කයේ පොල් වගාකරුවන් සඳහා පොහොර සහනාධාර වශයෙන් රුපියල් මිලියන 22ක මුදල් ප්‍රතිපාදන වෙන් කර ඇති බව පොල් වගා කිරීමේ මණ්ඩලයේ මාතර දිස්ත්‍රික් කාර්යාලයේ කළමණාකරු ඒ.කේ.ජයසේකර මහතා පවසයි.

පොල් වගාව සඳහා පොහොර සහනාධාරය ලබා ගැනීමට නම් අවම පර්ච 20ක පොල් ගස් 08ක් තිබිය යුතු අතර, උපරිම හෙක්ටයාර් දෙකකි (අක්කර 05). පොල් ගසකට රුපියල් 56 බැගින් සහනාධාර ලබා දේ.මේ වන විට මාතර දිස්ත්‍රික්කයේ පොල් වගාකරුවන්ගෙන් ලැබෙන ඉල්ලුම් පත්‍ර අනුව සහනාධාර ගෙවමින් පවතී.

මීට පෙර වී වගාව සඳහා පොහොර සහනාධාර ලබාගන්නා ගොවියෙකුට වෙනත් භෝග වගාවන් සඳහා එම සහනාධාර මුදල් හිමි වූයේ නැත. එහෙත් ඒ සම්බන්ධව නිකුත් කරන ලද නව චක්‍රලේඛය අනුව වී, තේ, පොල්, රබර් හා වෙනත් ක්ෂේත්‍ර භෝග (අල, ලූනු, මිරිස්, සෝයා, බඩ ඉරිඟු) ආදී සෑම වගාවක් සඳහා ම ගැටලුවකින් තොරව පොහොර සහනාධාරය ලබාගත හැකි ය.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.