• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

කෑගල්ලේ සංගණනය සාර්ථකයි

Heder 11ජන ලේඛණ හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව අද (17) දින සිදු කරනු ලැබු රාජ්‍ය හා අර්ධ රාජ්‍ය  අංශයේ සේවා නියුක්තිය පිළිබඳ කෑගල්ල දිස්ත්‍රික් සංඝණනය  සැලසුම් කළ පරිදි ඉතා සාර්ථකව සිදු කරනු ලැබු බව කෑගල්ල දිස්ත්‍රික් සංඛ්‍යා ලේඛඥ එස්. එම්. එච්. එන්. සමරකෝන් මහතා පැවසීය.
කෑගල්ල දිස්ත්‍රික්කයේ ප්‍රදේශීය ලේකම්  කොට්ඨාස  11 ම ආවරණය වන පරිදි   සියලු ම  රාජ්‍ය හා අර්ධ රාජ්‍ය අංශයේ සේවා නියුක්තිකයන්ගේ  තොරතුරු ඇතුලත් කරමින්  ආකෘති පත්‍රය සම්පුර්ණ  කිරිම අද දින සිදු කරනු ලැබීය. 

මෙම සංගණනය සඳහා රාජ්‍ය අංශයේ හා අර්ධ රාජ්‍ය අංශයේ සේවා නියුක්තිකයන්   පවසා සිටියේ   මෙම සංගණනය ගැන තමන් ඉතාමත්  සතුටට පත් වන බවයි.  විශේෂයෙන් මේ තුළින් රාජ්‍ය හා අර්ධ රාජ්‍ය සේවා අංශයේ නිලධාරීන්ගේ සියලු ම  තොරතුරු පැතිකඩක් නිර්මාණය වීම ඉතා යහපත් බවද , එම නිලධාරීන්  වැඩි දුරටත් අදහස් දක්වමින් පැවසීය. 

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.