• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

ගොවි මිතුරු සේවාවට ගොවීන් 80,000ක්

Govi Mithuru Sinhala1කෘෂිකර්ම අමාත්‍යංශය, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව හා ඩයලොග් ලංකා ආයතනය හා එක්ව ක්‍රියාත්මක කරන ගොවි මිතුරු සේවාව සඳහා මේ වන විට ගොවීන් 80,000ක් පමණ සම්බන්ධ වී ඇතැයි ඩයලොග් ආයතනය සඳහන් කරයි.
මෙම කරුණු හෙළි වූයේ ගොවි මිතුරු සේවාව පිළිබඳ ව කෑගල්ල දිස්ත්‍රික් කෘෂිකමිටුව දැනුම්වත් කිරීම පිළිබඳ වැඩමුළුවේදීය. කෑගල්ල දිස්ත්‍රික් ලේකම් ඩබ්ලිව්.එම් අබේවික්‍රම වනසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් කෘෂි කමිටුව දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.

සරුසාර වගාවකින් ඔබේ ගෙවත්ත ඵලබර කිරීම යන්න මූලික අරමුණ ඇති ව ගොවි මිතුරු සේවාව ක්‍රියාත්මක කරයි. ගොවි මිතුරු සේවාව සමඟ එක්ව සාර්ථක ගෙවතු වගාවට අවශ්‍ය උපදෙස් 616 දුරකතන අංකය ඇමතීමෙන් ලබා ගත හැකිය.

මෙම ගොවිමිතුරු සේවාව තුළින් වගාවන්, රෝග පළිබෝධ හා ඌනතා වලින් ආරක්ෂා කරගෙන අඩු වියදමකින් සරුසාර වැඩි අස්වැන්නක් ලබා ගැනීමට අවශ්‍ය සියලු ම උපදෙස් ලබා ගත හැක.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.