• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

තොරතුරු පනතට තුන් අවුරුදු සැලැස්මක්

RTI meetingමේ අතර තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනත ක්‍රියාත්මක කිරීමේ තුන් අවුරුදු උපාය මාර්ගික සැලසුමක් සකස් කිරීම් සම්බන්ධයෙන් සාකච්ඡාවක් පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී අද (16) පැවත්විණි.

ලෝක බැංකුව හා එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ ආධාර ඇතිව මෙම ක්‍රමෝපාය සැලැස්මක් නිර්මාණය කිරීමේ ක්‍රියාවලිය සිදු කරන්නේ යුනෙස්කෝ සංවිධානයේ හිටපු අධ්‍යක්ෂ විජයානන්ද ජයවීර මහතාය. 

පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් බී.කේ.එස්. රවීන්ද්‍ර මහතා ඇතුළු තොරතුරු දැනගැනීමේ අයිතිවාසික පිළිබඳ විශේෂඥයින් හා නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ. 

ඉන්දියාවේ නවදිල්ලියේ පොදුරාජ්‍ය මණ්ඩලීය මානව හිමිකම් පිළිබඳ වැඩසටහනේ වැඩසටහන් සම්බන්ධිකරණ වෙන්කටෙෂ් නායන් මහතා (Mr.Venkatesh Nayak) ද මෙහිදී කරුණු ඉදිරිපත් කළේය.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.