• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

තොරතුරු දැනගැනීමේ පනත යටතේ තොරතුරු නිලධාරීන් 500ක් මේ වනවිට පත් කර අවසන් (2)


RTI Logoතොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනත ක්‍රියාත්මක කිරීමේ වැඩපිළිවෙළ යටතේ දිවයිනේ රාජ්‍ය ආයතනවලට තොරතුරු නිලධාරීන් 500ක් පත් කිරීම සඳහා මේ වනවිට පියවර ඇති බව පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් බී.කේ.එස්. රවීන්ද්‍ර මහතා පවසයි.

තොරතුරු නිලධාරීන් පත් කිරීම පිළිබඳව සියලු රාජ්‍ය ආයතන දැනුම්වත් කර අදාල චක්‍රලේඛ නිකුත් කර ඇත. ඒ අනුව අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු, දිස්ත්‍රික් ලේකම් කාර්යාලය හා ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, පළාත් සභාවල පළාත් අමාත්‍යාංශ, පළාත් දෙපාර්තමේන්තු ඇතුළු සියලු රාජ්‍ය ආයතනවලට තොරතුරු නිලධාරීන් පත් කිරීමේ කටයුතු ආරම්භ කර තිබේ.

මෙම පනත යටතේ එක් රාජ්‍ය ආයතනක් සඳහා තොරතුරු නිලධාරියෙකු මෙන්ම අභියාචනා නිලධාරියෙක් ද පත් කරනු ලබන අතර ආයතන ප්‍රධානියා අභියාචනා නිලධාරියා වෙයි. එම ආයතනයේ දෙවැනි මට්ටමේ විධායක නිලධාරීයා තොරතුරු නිලධාරීයා ලෙස පත් කරනු ලබයි.

අමාත්‍යාංශයක අතිරේක ලේකම් තොරතුරු නිලධාරියා වන අතර අමාත්‍යාංශ ලේකම් අභියාචනා නිලධාරීයා බවට පත් වීම නිදසුනක් ලෙස පෙන්වා දිය හැකිය. ඒ අනුව මේ වන විට අමාත්‍යාංශ
30ක සහ මධ්‍යම, උතුර සහ සබරගමුව යන පළාත් සභාවලට හා දිස්ත්‍රික් ලේකම් කාර්යාල 3ක තොරතුරු නිලධාරීන් මේ වනවිට පත් කර තිබේ. අනෙකුත් ආයතනවල ද තොරතුරු නිලධාරීන් පත්කිරීමේ කටයුතු ද මේ වන විට කඩිනමින් සිදු කෙරෙන බව අතිරේක ලේකම් බී.කේ.එස්. රවීන්ද්‍ර මහතා සඳහන් කරයි.

පත්කළ යුතුව ඇති සමස්ත සමස්ත මුළු තොරතුරු සංඛ්‍යාව 6,000 ඉක්මවයි. මෙම සියලු පත්කිරීම් මේ මස අවසන් වීමට පෙර නිම කරන ලෙස සියලු රාජ්‍ය ආයතනවලට මේ වනවිටත් උපදෙස් ලබා දී ඇත.

මෙසේ පත්කරනු ලබන තොරතුරු නිලධාරීන් පුහුණු කිරීම ලබන මාසයේදී ආරම්භ කිරීමට නියමිතය.

මීට සමගාමීව රාජ්‍ය නිලධාරීන් දැනුම්වත් කිරීමේ වැඩසටන් මාලාවක් පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතගේ ප්‍රධානත්වයෙන් මෙම අමාත්‍යාංශය මඟින් ආරම්භ කර තිබෙන අතර දිස්ත්‍රික්ක රැසක එම දැනුම්වත් කිරීමේ වැඩසටහන් පවත්වා ඇත. එසේම රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු මඟින් දිස්ත්‍රික් මාධ්‍යවේදීන් දැනුම්වත් කිරීමේ වැඩසටහන් මාලාවක්ද ආරම්භ කරමින් මාධ්‍ය තුළින් ද මෙම පනත පිළිබඳ ජනතාව දැනුම්වත් කිරීමේ කාර්ය භාරය පැහැදිලි කරනු ලබයි.

එසේම මෙම මස 23 හා 24 දෙදින පුහුණුකරුවන් පුහුණු කිරීමේ වැඩසටහනක් කොළඹදී පැවැත්වීමට ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් කටයුතු යොදා තිබේ.


තොරතුරු පනතට තුන් අවුරුදු සැලැස්මක්

මේ අතර තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනත ක්‍රියාත්මක කිරීමේ තුන් අවුරුදු උපාය මාර්ගික සැලසුමක් සකස් කිරීම් සම්බන්ධයෙන් සාකච්ඡාවක් අද (16) පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැවත්විණි.

ලෝක බැංකුව හා එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ ආධාර ඇතිව මෙම ක්‍රමෝපාය සැලැස්මක් නිර්මාණය කිරීමේ ක්‍රියාවලිය සිදු කරන්නේ යුනෙස්කෝ සංවිධානයේ හිටපු අධ්‍යක්ෂ විජයානන්ද ජයවීර මහතාය.

පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් බී.කේ.එස්. රවීන්ද්‍ර මහතා ඇතුළු තොරතුරු දැනගැනීමේ අයිතිවාසික පිළිබඳ විශේෂඥයින් හා නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ඉන්දියාවේ නවදිල්ලියේ පොදුරාජ්‍ය මණ්ඩලීය මානව හිමිකම් පිළිබඳ වැඩසටහනේ වැඩසටහන් සම්බන්ධිකරණ වෙන්කටෙෂ් නායන් මහතා (
Mr.Venkatesh Nayak) ද මෙහිදී කරුණු ඉදිරිපත් කළේය.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.