• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

ජාත්‍යන්තර වෙළඳ ගිවිසුම් පිළිබඳ මාධ්‍යවේදින් දැනුම්වත් කිරීමේ එක්දින වැඩසටහනක් හෙට

world fundජාත්‍යන්තර වෙළඳ ගිවිසුම් පිළිබඳ රජයේ වැඩපිළිවෙළ සම්බන්ධ ව මාධ්‍යවේදීන් දැනුම්වත් කිරීමේ එක් දින වැඩසටහනක් සංවර්ධන ක‍්‍රමෝපාය හා ජාත්‍යන්තර වෙළඳ කටයුතු අමාත්‍යාංශය හා රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව එක්ව පැවැත්වීමට කටයුතු යොදා ඇත.

මෙම වැඩසටහන සංවර්ධන ක‍්‍රමෝපාය හා ජාත්‍යන්තර වෙළඳ කටයුතු අමාත්‍යාංශයේ රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් හෙට (16) වන දින පෙ.ව. 9.30ට රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තු නව ශ‍්‍රවණාගාරයේදී පැවැත්වේ.

මෙහි සම්පත් දායකයින් ලෙස කේ.ජී.වීරසිංහ, ආචාර්ය රවීරත්නායක, ආචාර්ය සමන්කැලේගම හා ආචාර්ය නිහාල් සමරප්පුලි යන මහත්වරුන් සහභාගි වීමට නියමිතය.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.