• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

“රාජ්‍ය සේවකයාගේ භූමිකාව’’ මැයෙන් පැවැත්වෙන සම්මන්ත්‍රණය ලබන 17 වෙනිදා

seminar“රාජ්‍ය සේවකයාගේ භූමිකාව” මැයෙන් සම්මන්ත්‍රණයක් පැවැත්වීමට ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනය සැලසුම් කර ඇත.

මෙම සම්මන්ත්‍රණය මෙම මස 17 වැනි දින  මුදල් අමාත්‍ය  රවි  කරුණානායක  අමාත්‍යවරයාගේ  ප්‍රධානත්වයෙන්  ප. ව. 5.00 සිට ප.ව. 7.30 දක්වා එම ආයතනයේ සංහිඳ ශාලාවේ දී පැවැත්වීමට නියමිතය.

මෙම අවස්ථාවට රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර, මුදල් අමාත්‍යංශ ලේකම් ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග, ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යංශ ලේකම් එම්.අයි.එම්.රෆීක්, රේගු අධ්‍යක්ෂ ජනරාල් චූලානන්ද පෙරේරා, අයවැය අධ්‍යක්ෂ ජනරාල් කේ.ඩී.එස්.  රුවන්චන්ද්‍ර යන  මහත්වරුන්  ඇතුළු තවත් නිලධාරීහු පිරිසක් සහභාගි වීමට නියමිතය.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.