• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

ළමා ආරක්ෂාව පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක් කඩිනමින් සැකසේ

Natasha Baleendren Child Athou2ළමා ආරක්ෂාව යන්න විශේෂ විෂයක් සහ විශේෂ අවධානයක් යොමුවිය යුතු වෘත්තීයක් ලෙස හඳුනා ගැනීමට සුවිශේෂී අවධානයක් මේ වන විට යොමු වී ඇති බව ජාතික ළමාරක්ෂක අධිකාරියේ සභාපති නටාශා බාලේන්ද්‍ර මහත්මිය රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු වෙබ් අඩවියට පැවසුවාය.

ඒ අනුව ළමාරක්ෂාව පිළිබඳ දැනට පවතින යල්පැන ගිය රාමුවෙන් ඔබ්බට ගිය ජාතික ප්‍රතිපත්තියක් ඒ වෙනුවෙන් කඩිනමින් සකස් කරන බවත්, මෙම ප්‍රතිපත්තිය කෙටුම්පත් කිරීම මේ වසර අවසානය වන විට සිදු කළ හැකි වන බවත්, ඒ අනුව ලබන වසරේ පළමු කාර්තුව තුළ එය අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කළ හැකි වනු ඇති බවත්, සභාපතිවරිය විශ්වාසය පළ කළාය.

මේ යටතේ ළමා ආරක්ෂාව යන්න විශේෂ වෘත්තියක්, අංශයක් ලෙස හඳුනා ගැනීමට උත්සාහ කෙරෙන අතර, මීට අදාළ සියලු ම ආයතනවල පවත්නා වගකීම් මෙන්ම කාර්යය භාරයන් හඳුනා ගැනීම තුළින් එක් විෂයක් ලෙස මෙය ව්‍යාප්ත කිරීමට කටයුතු කරනු ඇත.

ඒ අනුව අදාළ අංශවලට බලය විමධ්‍ය ගත කිරීම පහසු වන අතර, ඒ සඳහා අවශ්‍ය විශේෂ පුහුණු කිරීම් පිළිබඳ ද මෙමඟින් අවධානය යොමු කළ හැකි වේ. මීට සමඟාමී ව ජාතික ළමාරක්ෂක අධිකාරිය මඟින් ළමා අපචාර වැළැක්වීම සම්බන්ධයෙන් ක්‍රියාත්මක කරනු ලබන 1929 දුරකතන අංකය තවදුරටත් බලාත්මක කර ඇති බව පෙන්වා දුන් සභාපතිවරිය වැඩිදුරටත් පැවසුවේ, අදාළ පැමිණිලි ලද වහාම ඒ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීම සඳහා ජාතික ළමාරක්ෂක අධිකාරියට අදාළ පොලීසිය ක්‍රියාත්මක වී සිටින බවයි. එම අපචාර සිදු වූ ප්‍රදේශ ආශ්‍රිත පොලීසි ද සම්බන්ධ කර ගනිමින් මෙහිදී සියලු ම මෙහෙයුම් කටයුතු සිදු කෙරේ.

අපරාධයක් නොවුන කරුණකදී ඒවා අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාල, කම්කරු කාර්යාල, අධ්‍යාපන අමාත්‍යාංශ යනාදී අංශ වෙත යොමු කෙරෙනු ඇත. අතීතයේදී ළමා අපචාරයක් පිළිබඳ සාකච්ඡා කෙරුණේ ඒවාට විසඳුම් සෙවීම සම්බන්ධ විශේෂ අවධානයක් යොමු කරමින් බව පෙන්වා දුන් සභාපතිවරිය තවදුරටත් පෙන්වා දුන්නේ දැන් එම තත්ත්වය සම්පූර්ණයෙන් ම වෙනස් වී ළමා අපයෝජන වැළැක්වීම පිළිබඳ ව දැඩි අවධානය යොමුව ඇති බවයි.

මෙහිදී පාසල් මට්ටමේ දැනුම්වත් කිරීම, ප්‍රජා වැඩසටහන් ඔස්සේ දෙමාපියන් සහ ප්‍රජාව දැනුම්වත් කිරීමට කටයුතු යොදා ඇති බවද සභාපතිවරිය වැඩිදුරටත් පැවසීය.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.