• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

මත්ස්‍ය අපනයනය ඉහළට

fisheriesමේ වන විට මත්ස්‍ය අපනයන ආදායම ඉතාමත් සතුටුදායක ලෙස ඉහළ යමින් පවතින බව  ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

යුරෝපා මත්ස්‍ය තහනම ඉවත් කිරීමත් සමඟ මෙසේ මාස තුනක් තුළ මත්ස්‍ය අපනයන ආදායම දෙගුණයකින් පමණ ඉහළ ගොස් ඇත. මේ වන විට අපනයනය කරනු ලබන මත්ස්‍ය ප්‍රමාණය මෙට්‍රික් ටොන්37860 වන අතර එමගින් ලැබූ ආදායම රුපියල් මිලියන 6517ක් වේ. සෑම මසකම මෙට්‍රික්ටොන් 8769 ක මසුන් අපනයනය කරනු ලබන අතර එමගින් ලබන ආදායම රුපියල් මිලියන 1349 වෙයි.

ඉදිරියේදී මෙම තත්ත්වය තවදුරටත් ඉහළ යනු ඇති බවට අමාත්‍යවරයා තවදුරටත් විශ්වාසය පළ කළේය.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.