• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

සන්නද්ධ සේවා අනුස්මරණ දිනය මහනුවර දී

SriLanka armyමහනුවර දිස්ත්‍රික් සේවාමුක්ත භට සංගමය මගින් පවත්වනු ලබන 2016 සන්නද්ධ සේවා අනුස්මරණ දිනය මේ මස (13) වැනි දින පෙ.ව. 8.00 ට මහනුවර ජෝර්ජ් ඊ. ද සිල්වා උද්‍යානයේදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

මව්බිම රැක ගැනීමේ මෙහෙවර සඳහා යෙදී මියගිය රණවිරුවන් සිහි කිරීමේ අරමුණින් සංවිධානය කරන මෙම උත්සවය මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිලූකා ඒකනායක මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතය.

මියගිය රණවිරුවන් වෙනුවෙන් ගෞරව පුද කිරීම සහ ඔවුන් අනුස්මරණය කරමින් පුෂ්පෝපහාර දැක්වීම ඇතුළු වැඩසටහන් රැසකින් සමන්විත මෙම උත්සවයේදී රණවිරුවන් අගයමින් විශේෂ දේශන කිහිපයක් පැවැත්වීමටද කටයුතු සංවිධානය කොට තිබේ.

මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක, මහනුවර දිසාපති එච්.එම්.පී හිටිසේකර යන මහත්වරු ඇතුළු මහජන නියෝජිතයන් රැසක් සහ රජයේ නිලධාරීන් රැසක්ද මෙම අවස්ථාව සඳහා සහභාගී වීමට නියමිතය.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.