• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

කෑගල්ල ශාන්ත ජෝශප් බාලිකා විදුහලට නව ගොඩනැගිල්ලක්

StJoshep Kegalleකෑගල්ල ශාන්ත ජෝෂප් බාලිකා මහා විදුහලේ මීට වසර කිහිපයකට පෙර නායයාමට ලක් වූ ගොඩනැගිල්ල වෙනුවට රුපියල් කෝටි පහක විදමින් ඉදිකල නව සිව් මහල් ගොඩනැගිල්ල විවෘත කිරීම, ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් හා විදුලි බල හා පුනර්ජනණීය බල ශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පසුගිය දා සිදු කෙරිණි.

මෙම අවස්ථාවට සබරගමුව පළාත් සභා මන්ත්‍රී හර්ෂ සියඹලාපිටිය, කෑගල්ල ප්‍රාදේශීය සම්බන්ධිකරණ කමිටු සභාපති ලිලාන් අමරකෝන්, විදුහල්පති මල්ලිකා රණසිංහ යන මහත්ම මහත්මීහු ඇතුළු පාසල් සිසුන් විශාල පිරිසක් ද සහභාගි වී සිටියහ.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.