• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

වන රෝපණ වැඩ සටහන යටතේ පැළ 16700ක් කළුතර රෝපණය කෙරේ

plantsමෙම වසරේ  ජාතික  වන රෝපණ වැඩසටහන යටතේ කළුතර දිස්ත‍්‍රික්කය තුළ පැළ 16700ක් රෝපණය කර තිබේ.

 කොස්, මහෝගනි, කුඹුක්, නැදුන්, බුරුත, නා, මී, හොර, හල්මිල්ල ඇතුළු තවත් විවිධ ශාක වර්ග රැසක් මෙසේ රෝපණය කර ඇති බව කළුතර වන සංරක්ෂණ කාර්යාලය පෙන්වා දෙයි. 

දිස්ත‍්‍රික්කයේ ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාස 14ක් ආවරණ වන පරිදි ප‍්‍රාදේශීය ලේකම් කාර්යාල, පොලීසි, ආරක්ෂක කඳවුරු, පාසල් ඇතුළු විවිධ රාජ්‍ය ආයතන වල මෙම පැළ සිටුවීම සිදු කර ඇත.     

මීට අමතරව අඹ, රඹුටන්, මැංගස්, අනෝදා, කාමරංකා, දූරියන් ඇතුළු පලතුරු පැළ වර්ග 700ක් පමණ දිස්ත‍්‍රික්කයේ තෝරා ගත් ප‍්‍රදේශවල සිටුවීම සඳහා බෙදා දීම කළුතර වන රක්ෂණ කාර්යාලය විසින්  මේ දිනවල සිදු කරනු ලබයි.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.