• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

ගාල්ල කඩවත් සතර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ නිල මෙහෙවර අවසන්වේ

meeting2016ගාල්ල දිස්ත්‍රික්කයේ නිලමෙහෙවර වැඩසටහන් මාලාවේ ගාල්ල කඩවත් සතර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ නිල මෙහෙවර වැඩසටහන පසුගියදා  ගාල්ල නගර සභා පරිශ්‍රය සහ කළුවැල්ල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථාන පරිශ්‍රයේ දී පැවැත්විණ. 

ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණු මෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියද එක් වී සිටියාය.

මෙම අවස්ථාවට මධ්‍යම රජයේ සහ දකුණු පළාත් සභාව නියෝජනය කරමින් ආයතන රැසක් සහභාගී වි සිටි අතර, නිල මෙහෙවර ජනපති ජනතා සේවයෙන් සේවාවන් ලබා ගැනීම සඳහා මහ ජනතාවද විශාල පිරිසක් මෙම අවස්ථාවට එක් වී සිටියහ. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නියමයෙන් සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදේශකත්වයෙන් නිල මෙහෙවර ජනපති ජනතා සේවය ජාතික වැඩසටහන ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතාගේ මෙහෙයවීම තුළින් ගාලු දිස්ත්‍රික්කය පුරා මේ වන විට ආරම්භ වී සාර්ථක ලෙස ක්‍රියාත්මක වෙමින් පවතියි.

ගාල්ල දිස්ත්‍රික්කය පුරා ප්‍රාදේශීය ලේකම් කාර්යාල 19 කට අනුයුක්ත ග්‍රාම නිලධාරී වසම් 896ක් ආවරණය වන පරිදි පවුල් 276,377ක ජනගහනය 1,091,000කට දීර්ඝ කාලයක් තිස්සේ විවිධ හේතූන් මත විසඳා ගැනීමට නොහැකි වූත්, රජය මගින් විසඳුම් ලබාදිය යුතු වූත් ගැටලු සියල්ල විසඳීමේ අරමුණින් ගම්මාන 2,477ක් සඳහා වූ ක්ෂේත්‍ර නිලධාරීන් 4,000ක් ඉක්මවූ පිරිස ගෙන් ගෙට යමින් ජනතා ගැටලු සම්බන්ධ තොරතුරු රැස් කරමින් මෙහි මූලික කටයුතු ඇරඹිය.

 සමස්ත රාජ්‍ය සේවයේ සියලු නිලධාරීන් වගකීමෙන් සහ කැපවීමෙන් ක්‍රියාත්මක කෙරෙන මෙම වැඩසටහනේදී ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සම්බන්ධීකරණය  මත  විවිධ අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු, අර්ධ රාජ්‍ය ආයතන, රාජ්‍ය නොවන ආයතන, පෞද්ගලික ආයතන, රාජ්‍ය සහ පෞද්ගලික බැංකු සහ ආරක්ෂක අංශ ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් සහභාගී වෙමින් ප්‍රදේශීය ජනතා සේවා වැඩසටහන් 21ක් දිස්ත්‍රික්කය පුරාමේ වන විටත්  ක්‍රියාත්මක වෙමින් පවතියි.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.