• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් නව හයිබ්‍රිඩ් මිරිස් ප්‍රභේදයක්

chileeවැඩි අස්වැන්නක් ලබාදෙන, කොළ කොඩවීමට ඔරොත්තු දෙන උසස් තත්ත්වයෙන් යුතු හයිබ්‍රිඩ් මිරිස් ප්‍රභේදයක්  කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් හඳුන්වා දී ඇත.

 MICH  - H-1 (හයිබ්‍රිඩ් 01) ලෙස මෙම නව ප්‍රභේදය හඳුන්වන බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ (ක්ෂේත්‍ර හා පර්යේෂණ) ඩබ්ලිව්.එම්.ඩබ්ලිව්.වීරකෝන් මහතා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු  වෙබ් අඩවියට පැවසීය.

ලංකාවට මෙතෙක් විදේශ රටවලින් හයිබ්‍රිඩ් මිරිස් ගෙන්වන ලද අතර ඒ සඳහා විශාල මුදලක් ‍වැය කිරීමට සිදු වූ බව අධ්‍යක්ෂවරයා පැවසීය. මහඉලුප්පල්ලම කෘෂි පර්යේෂණ ආයතනයේ සේවයේ නියුතු පර්යේෂණ නිලධාරීන් වන ශාලිකා හේරත් මහත්මිය සහ කමල් කංනන්ගර මහතා විසින් සිදු කරන ලද පර්යේෂණ වල ප්‍රතිඵලයක් ලෙසින් මෙම නව ප්‍රභේදය ලංකාවට ප්‍රථම වරට හඳුන්වා දී ඇත.

සාමාන්‍ය  මිරිස් ප්‍රභේදයකින් හෙක්ටයාරයකට ටොන් 17, 18ක් පමණ ලබා ගත හැකි වන අතර, මෙම නව ප්‍රභේදය යටතේ  හෙක්ටයාරයකට ටොන් 32ත් 50ත් අතර ප්‍රමාණයක් ලබා ගත හැකි වීම විශේෂත්වයකි. දැනට මෙම මිරිස් ප්‍රභේදය මහඉලුප්පල්ලම සහ යාපනය කෘෂි පර්යේෂණ භූමිවල පර්යේෂණ මට්ටමින් වගා කර ඇත.

මෙම නව ප්‍රභේදයේ තවත් විශේෂත්වයක් වනුයේ වෙනත් හයිබ්‍රිඩ් මිරිස් ප්‍රභේදවලට වඩා සැරින් ඉතා ඉහළ වීමයි.


මෙම හයිබ්‍රිඩ් මිරිස් ප්‍රභේදය මේ වන විටත් ගොවීන් අතර ඉතාමත් ජනප්‍රිය බව අධ්‍යක්ෂවරයා පවසයි. පර්යේෂණ අවදිය තුළ ගොනීන්ට නොමිලේ පැළ ලබාදුන් බවත්, ඉදිරියේදී  ‍බීජ කිලෝ ග්‍රෑම් එකක් රුපියල් 25,000ක් වැනි මිලකට අලෙවි කිරීමට අපේක්ෂා කරන බවත්, අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් පැවසීය.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.