• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

කොළ එළවළු හා පළා වර්ග වගා කිරිමේ වැඩසටහනක්

Green vegදිවි නැගුම සංවර්ධන දෙපාර්තමේන්තුව මගින් කෑගල්ල දිස්ත්‍රික්කය තුළ කොළ එළවළු හා පලාවර්ග වගා කිරීමේ වැඩසටහනක් ආරම්භ කිරීමට සැලසුම් කර ඇත.

කෑගල්ල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 11 ම ආවරණය වන පරිදි මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට නියමිතය.

මීට සමගාමී ව දැනටමත්  පුහුණු වැඩසටහන් 445 ක් පමණ පවත්වා ඇති අතර, ඒ සඳහා  ගොවීන්ගේ ඉහළ  දායකත්වයක් ලැබී  තිබේ.

වැඩසටහනට සමගාමීව මාවනැල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය සඳහා පැල බෙදාදීම නුදුරේදීම සිදු කිරීමට නියමිත අතර, වරකාපොල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට  අවශ්‍ය පැල දැනටමත් ඇණවුම් කර ඇත. 

අනෙකුත් ප්‍රාදේශීය ලේකම්  කොට්ඨාසවලට අවශ්‍ය පැල වර්ග ඉදිරියේදී ලබාදීමට නියමිතය.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.