• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

මාතලේ ඩෙංගු ව්‍යාප්ත විමේ අවධානයක්

denguඩෙංගු රෝග වාහක ඊඩිස් ඊජිප්ටායි මදුරු විශේෂය මාතලේ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කීපයකින් හමුවීමත් සමග මාතලේ දිස්ත්‍රික්කය තුළ ඩෙංගු රෝගය ව්‍යසනයක ආකාරයෙන් පැතිර යාමේ අවදානමක් ඇති බව මාතලේ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ඩබ්.එම්.විජේකෝන් මහතා පවසයි.


ඊඩීස් ඊජිප්ටායි මදුරුවාට ඩෙංගු රෝගය සීඝ්‍රයෙන් ව්‍යාප්ත කිරිමේ හැකියාවක් ඇති බැවින් මෙම අනතුර ඇගවීමට සිදුව තිබෙන බව දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා අවධාරණය කර තිබේ.


දිස්ත්‍රික්කයේ ඩෙංගු රෝග තත්වය පිළිබදව මාතලේ දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටුවේදී අදහස් දක්වමින් මෙම අනතුරු ඇගවු දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා මෙම ව්‍යසනයෙන් මාතලේ ජනතාව මුදා ගැනීමට සෑම රාජ්‍ය ආයතනයක්ම සාමූහිකව ක්‍රියා කිරීමේ අවශ්‍යතාවක් ඇති බවද පෙන්වා දුන්නේය.  


මේ සදහා සෑම රජයේ කාර්යාලයකම ඩෙංගු රෝගය පිළිබදව වගකීමට හැකි නිලධාරියෙකු බැගින් පත් කිරිමේ අවශ්‍යතාවද විජේකෝන් මහතා පෙන්වා දුන් අතර ගතවු මාස 10 ට පමණක් මාතලේ දිස්ත්‍රික්කය තුළින් ඩෙංගු රෝගින් 925 දෙනෙකු  වාර්තාවුනු බවද පැවසීය.

මාතලේ දිස්ත්‍රතික්කයේ උකුවෙල , මාතලේ , රත්තතොට , මාතලේ නගර සීමාව රෝග ව්‍යාප්තිය ඉහළ ගොස් ඇති අතර නගර සභා සීමාවෙන් පමණක් රෝගින් 215 ක් වාර්තාවී ඇති බවද දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා පැවසීය.
 

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.