• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

මාතලේ දේශීය ආහාර ප්‍රවර්ධන වැඩසටහනක්

riceandcurryදේශීය ආහාර ප්‍රවර්ධනය කිරීමේ ජාතික වැඩස‍ටහන යටතේ මාතලේ දිස්ත්‍රික්කයේ රාජ්‍ය ආයතන සඳහා දේශීය ආහාර  හඳුන්වාදීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කර ඇත. 

හිටපු දිස්ත්‍රික් ලේකම්/ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් නීල් ද අල්විස් මහතාගේ උපදෙස් මත ක්‍රියාත්මක කළ මෙම වැඩසටහන යටතේ දේශීය ආහාර සැපයීමේ ව්‍යවසායක කණ්ඩායම් හඳුන්වාදී ම කෘෂිකර්ම රාජ්‍ය ඇමති වසන්ත අළුවිහාර මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම මස 09 දා පෙරවරු 9.00 ට මාතලේ මහත්මා ගාන්ධි ශාලාවේදී පැවැත්වීමට නියමිතය.

මාතලේ දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටුවේ සභාපති රංජිත් අළුවිහාරේ, වැවිල් කර්මාන්ත නියෝජ්‍ය අමාත්‍ය නිතිඥ ලක්ෂ්මන් වසන්ත පෙරේරා, පාර්ලිමේන්තු මන්ත්‍රිනී රෝහිණි කවිරත්න යන මහත්ම මහත්මින් සමඟ ස්වදේශ කටයුතු අමාත්‍යාංශ ලේකම් නීල් ද අල්විස් මහතා, මාතලේ දිසා ලේකම් ඩී.පි.ජී.කුමාරසිරි මහතා සහ හදබිම් අධිකාරියේ සභාපති නන්දසේන හේරත් මහතාද සහභාගි වෙති .

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.