• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

මාතර දිස්ත්‍රික් සාහිත්‍ය කලා මහෝත්සවය

matara 2016.11.02මාතර දිස්ත්‍රික් සාහිත්‍ය කලා මහෝත්සවය නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශයේ ලේකම් ඩබ්.කේ.කේ. අතුකෝරළ මහත්මියගේ ප්‍රධානත්වයෙන් පසුගියදා මාතර - වැල්ලමඩම මහින්ද රාජපක්ෂ විද්‍යාලීය ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි. 

මෙහි දී සාහිත්‍ය නිර්මාණ තරගාවලියේ දී  පාසල් හා විවෘත අංශයේ තරග වලින්  ජයග්‍රහණය කළ අයට ත්‍යාග හා සහතිකපත් පිරිනැමීම සිදු කෙරිණි. සංගීත රස වින්දන වැඩසටහන ආචාර්ය කරුණාරත්න විජේවර්ධන මහතා ප්‍රමුඛ වාද්‍ය වෘන්දය සිදු කරනු ලැබීය.

මහින්ද රාජපක්ෂ විද්‍යාලීය දරු දැරියන්ගේ පූජා නර්තනය සහ විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ගේ කලා නිර්මාණ තරගයේ ප්‍රථම ස්ථානය ලබාගත් රෝහණ විශේෂ පාසලේ දරුවන්ගේ නර්තනය ද ඉදිරිපත් කෙරිණි.

මේ අවස්ථාවට මාතර දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් රත්නායක මහතා ප්‍රමුඛ රාජ්‍ය නිලධාරීන්, සාහිත්‍ය තරග ජයග්‍රාහකයින්, කලාකරුවන්, පාසල් දරු දැරියන් හා ප්‍රදේශවාසීන් සහභාගි වී සිටියහ. සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ මගපෙන්වීම යටතේ මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය දිස්ත්‍රික් සාහිත්‍ය උත්සවය සංවිධානය කරන ලදි.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.