• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

පළාත් පාලන දේශපාලන තිරණ ගැනීමේ ක්‍රියාවලිය තුළ කාන්තා සහභාගීත්වය ඉතා වැදගත්

ladysශ්‍රී ලංකාවේ වසර විස්සක් පමණ ක්‍රියාකාරීව සිටින සහ වසර නමයක පමණ පළාත් පාලන ක්ෂේත්‍රයේ අත්දැකිම් සහිත සිවිල් සංවිධානයක් වන විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය පළාත් පාලන දේශපාලන තීරණ ගැනීමේ ක්‍රියාවලිය තුළ කාන්තා සහභාගීත්වය ශක්තිමත් කිරීම සඳහා විශේෂ ව්‍යාපෘතියක් ආරම්භ කර ඇත.

මේ සඳහා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය, කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශය සමඟ මැතිවරණ කොමිෂන් සභාව සිය සහයෝගය ලබා දෙයි. මෙම දැනුම්වත් කිරීමේ වැඩසටහන දකුණු පළාත, ඌව පළාත, නැගෙනහිරි සහ උතුරු පළාත ආවරණය කරමින් මේ වන විටත් දිස්ත්‍රික්ක 13ක සාර්ථක ව ක්‍රියාත්මක වෙමින් පවති. මෙහි දී මෙයට සමඟාමී ව දේශන මාලාවක් සහ සංවාදයක් පැවැත් වේ.

ගාල්ල දිස්ත්‍රික් වැඩසටහන ලබන මස (04) වැනි දින පෙ.ව 9.00 ට ආරම්භ කිරීමට සියලු ම කටයුතු සූදනම් කර ඇත. මේ අවස්ථාව සඳහා දිස්ත්‍රික්කයේ වනිතා සංවර්ධන නිලධාරීනීන් සහ මාධ්‍ය වේදීන්ද සම්බන්ධ කර ගැනීමට විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය අපේක්ෂා කරයි.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.