• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

මහනුවර දිස්ත්‍රික්කයේ ක්‍රීඩා කටයුතු සංවර්ධනය කිරීම සඳහා රුපියල් මිලියන 15ක්

sport groundමහනුවර දිස්ත්‍රික්කයේ ක්‍රීඩා පිටි සංවර්ධනය කිරීම ඇතුළු ක්‍රීඩා කටයුතු සංවර්ධනය කිරීම සඳහා ව්‍යාපෘති 15ක් ක්‍රියාත්මක  කිරීමට ක්‍රීඩා අමාත්‍යංශය සහ ක්‍රීඩා දෙපාර්තමේන්තුව මගින් කටයුතු යොදා තිබේ.

2016 වසරේදී ක්‍රියාත්මක කරමින් පවතින මෙම ව්‍යාපෘති සඳහා රජය මගින්  රුපියල් මිලියන 20 කට ආසන්න මුදලක් වෙන්කොට තිබේ. අදාළ සංවර්ධන ව්‍යාපෘති අතරින් 04ක් මහනුවර නාගරික සීමාවට අයත්ව තිබෙන  අතර, ඒවා දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ අධික්ෂණය යටතේ සිදු කොට ඇත. එම ව්‍යාපෘති  සියල්ල මේ වන විට අවසන් කොට ඇති අතර, ඒ සඳහා වැය කොට ඇති මුදල රුපියල් මිලියන 15 කි.

මීට අමතර ව පාතහේවාහැට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ ක්‍රීඩා ක්ෂේත්‍රයේ සංවර්ධන කටයුතු සඳහා ව්‍යාපෘති තුනක් ක්‍රියාත්මක කරන අතර, ඒ සඳහා   රුපියල් මිලයන 2 කට වැඩි මුදලක් වෙන් කොට තිබේ. පාතදුම්බර සහ අකුරණ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ක්‍රීඩා සංවර්ධන ව්‍යාපෘති දෙක බැගින් ක්‍රියාත්මක කරනු ලබන අතර, ඒ සඳහා වෙන් කොට ඇති මුදල  මිලියන 10 කට අධිකය.

කුණ්ඩසාලේ, දෙල්තොට, පස්බාගේ කෝරලේ සහ ගගඉහළ කෝරළේ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වල එක් ක්‍රීඩා සංවර්ධන ව්‍යාපෘතිය බැගින් ක්‍රියාත්මක වන අතර, එ සඳහා වෙන් කොට ඇති මුදල රුපියල් මිලියන 5 කට ආසන්න වේ.

මෙම සියලු ම ක්‍රීඩා ව්‍යාපෘති මේ වසර අවසන් වන විට ක්‍රියාත්මක කිරීමට නියමිත අතර, මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඇතුළු ප්‍රාදේශීය ලේකම් කාර්යාල මගින් මේවා අධික්ෂණය කරනු ලබයි.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.