• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

ශිල්ප අභිමානී 2016 හස්ත කර්මාන්ත හා පේෂ කර්මාන්ත පළාත් ප්‍රදර්ශනය හා අලෙවි සල්පිල (7)

badulla 2016.10.27ඌව පළාතේ නිර්මාණශීලි කර්මාන්තකරුවන්ගේ කුසලතා හා හැකියාවන් එළිදක්වන විවිධ නිර්මාණ හා පේෂකර්මාන්ත රෙදිපිළි ප්‍රදර්ශනය හා අලෙවි සල්පිල ඌව පළාත් ආණ්ඩුකාරවර අධිනීතිඥ ඇම්.පී.ජයසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඌව පළාත් පුස්තකාල ශ්‍රවණාගාරයේදී ඊයේ (26) ආරම්භ කෙරිණි.

මේ අවස්ථාවට ඌව පළාත් ක්‍රීඩා, කර්මාන්ත හා සංචාරක අමාත්‍ය සාලිය සුමේධ සිල්වා මහතා සහ ආණ්ඩුකාරවර පෞද්ගලික ලේකම් කේ.එම්.එස්.අබේසුන්දර මහත්මියද සහභාගී විය.

පළාතේ දක්ෂ නිර්මාණකරුවන්ගේ නිර්මාණ තෝරාගෙන පළමුවැනි දෙවැනි හා විශේෂ කුසලතා දැක්වූ නිර්මාණ ඇතුලත් කොට කොට ප්‍රදර්ශනය සංවිධානය කර තිබුණි.ඌව පළාතේ හස්ත හා පේෂකර්මාන්ත ශිල්පීන්ගේ නිර්මාණ සඳහා හොද වෙළඳපොළක් ඇති කිරීම මෙම ප්‍රදර්ශනය හා අලෙවි සල්පිල පැවැත්වීමේ ප්‍රධාන අරමුණ වේ.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.