• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

කොරියානු තානාධිපතිවරයා හා ඌව පළාත් ආණ්ඩුකාරවරයා අතර හමුවක් පස්සරදී

koreanදකුණු කොරියානු තානාධිපති චන්ග් වොන් සෑම් (CHANG WON SAM) මහතා සහ ඌව පළාත් ආණ්ඩුකාරවර අධි නිතීඥ ඇම්.පී.ජයසිංහ මහතා අතර හමුවක් පසුගියදා බදුල්ල පැල්ගහතැන්න කළමනාකරණ සංවර්ධන මධ්‍යස්ථානයේදී පැවැත්විණි.

දෙරටේ සුහදතාවය මෙන්ම පළාත් මට්ටමේ සංවර්ධන කටයුතු පිළිබඳ ව සහ අධ්‍යාපන හා පුහුණු වැඩසටහන් පිළිබඳ ව මෙහිදී සාකච්ජා කෙරිණි.

මෙම අවස්ථාව සඳහා, ඌව පළාත් ආණ්ඩුකාරවර පෞද්ගලික ලේකම් කේ.එම්.එස්.අබේසුන්දර මහත්මිය, ආණ්ඩුකාරවර ලේකම් එච්.එම්.සෝමතිලක මහතා ඇතුළු ව ඌව පළාත් රාජ්‍ය නිලධාරීන් කිහිපදෙනෙකුද සහභාගි වූහ. ඌව ආණ්ඩුකාරවරයා විසින් ඌවේ නිෂ්පාදන ඇතුළත් තිළිණයක්ද මෙහිදී දකුණු කොරියානු තානාධිපතිවරයා වෙත පිළිගැන්විණි.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.