• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

මාතර දිස්ත්‍රික් සාහිත්‍ය කලා මහෝත්සවය හෙට

logoමාතර දිස්ත්‍රික් සාහිත්‍ය කලා මහෝත්සවය නිවාස හා ඉදිකිරීම් අමාත්‍යංශයේ ලේකම් ඩබ්.කේ.කේ. අතුකෝරළ මහත්මියගේ ප්‍රධානත්වයෙන් මේ මස 28 වැනි දින පෙ.ව. 9.00 සිට ප.ව. 1.00 දක්වා මාතර - වැල්ලමඩම මහින්ද රාජපක්ෂ විද්‍යාලීය ශ්‍රවණාගාරයේ දී පැවැත්වේ.

 මෙහි දී සාහිත්‍ය නිර්මාණ තරගාවලියේ දී  පාසල් හා විවෘත අංශයේ තරගවලින්  ජයග්‍රහණය කළ අයට ත්‍යාග හා සහතිකපත් පිරිනැමීම සිදු කෙරේ. සංගීත රස වින්දන වැඩසටහන ආචාර්ය කරුණාරත්න විජේවර්ධන මහතා ප්‍රමුඛ වාද්‍ය වෘන්දය සිදු කරනු ලබයි. 

මහින්ද රාජපක්ෂ විද්‍යාලීය දරු දැරියන්ගේ පූජා නර්තනය සහ විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ගේ කලා නිර්මාණ තරගයේ ප්‍රථම ස්ථානය ලබාගත් රෝහණ විශේෂ පාසලේ දරුවන්ගේ නර්තනය ද ඉදිරිපත් කිරීමට නියමිත ය.

 මේ අවස්ථාවට මාතර දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් රත්නායක මහතා ප්‍රමුඛ රාජ්‍ය නිලධාරීන්, සාහිත්‍ය ජයග්‍රාහකයින්, කලාකරුවන්, පාසල් දරු දැරියන් හා ප්‍රදේශවාසීන් සහභාගි වේ. සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ මගපෙන්වීම යටතේ මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය දිස්ත්‍රික් සාහිත්‍ය උත්සවය සංවිධානය කරනු ලබයි.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.