• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

වෘත්තීය මාර්ගෝපදේශ හා රැකියාගත කිරීමේ වැඩසටහනක් හෙට

jobශ්‍රම වෙළඳපොළ තුළ පවත්නා රැකියා අවස්ථා හඳුනාගෙන මාතර දිස්ත්‍රික්කයේ රැකියා අපේක්ෂිත තරුණ තරුණියන් ඒ වෙත යොමු කර, ජාතික සංවර්ධනයට දායක කිරීමේ අරමුණින් සංවිධානය කරන රැකියාගත කිරීමේ වැඩසටහනක් හෙට (27) පෙ.ව. 9.00 ට වැලිපිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේ දී පැවැත් වේ.

රැකියා වෙළඳපොළ තුළ රැකියා අවස්ථා බහුලව පැවතිය ද ඒ සඳහා යොමුවීම අවම මට්ටමක පවතී. එබැවින් රැකියා අවස්ථා ලබා දිය හැකි පුරප්පාඩු සහිත පෞද්ගලික ආයතන සහ දිස්ත්‍රික්කයේ රැකියා අපේක්ෂිත තරුණ තරුණියන් එක් ස්ථානයක දී මුණගැස්වීම මගින් දේශීය රැකියා අවස්ථාවන් සඳහා යොමු වීමට ඔවුන්ට අවස්ථාව සලසා දීම මෙහිදී සිදු කෙරේ.

වෘත්තීය පුහුණු ආයතන ද මේ අවස්ථාවට සම්බන්ධ වන බැවින් වෘත්තීය පුහුණු පාඨමාලාවන් වෙත යොමු වීමට අපේක්ෂිත තරුණ තරුණියන්ට ඒ සඳහා ද අවස්ථාව හිමි වේ.

මෙහි දී වෘත්තීය මාර්ගෝපදේශ සේවාවන් සැපයීම හා රැකියා අපේක්ෂිත තරුණ තරුණියන් ලියාපදිංචි කිරීම  ඇතුළු සේවාවන් රැසක් ලබා ගැනීමට අවස්ථාව තිබේ. ලියාපදිංචි කරගන්නා  අයදුම්කරුවන් සඳහා ඔවුන්ගේ අධ්‍යාපන හා වෘත්තීය සුදුසුකම් සහ ඉල්ලුම කරන රැකියා අනුව රැකියා අවස්ථා වෙත යොමු කිරීමට කටයුතු කරන බව මානව සම්පත් සංවර්ධන සහකාර දීප්ත පරණමාන මහතා පවසයි.මෙම වැඩසටහන සඳහා රාජ්‍ය අංශයේ ආයතන සහ පෞද්ගලික අංශයේ ආයතන සහභාගි වීමට නියමිත ය.

වැලිපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ රැකියා අපේක්ෂිත තරුණ තරුණියන් මේ සඳහා සහභාගි වෙතැයි අපේක්ෂා කෙරේ.මිනිස්බල හා රැකීරක්ෂා දෙපාර්තමේන්තුවේ මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ මහජන රැකියා සේවා මධ්‍යස්ථානය හා වැලිපිටිය ප්‍රාදේශිය ලේකම් කාර්යාලය එක්ව මෙම වැඩසටහන සංවිධානය කරති.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.