• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

පොලිතින්, ප්ලාස්ටික් සහ ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය නිරාවරණ සතියක් 2016 (9)

garbegeජනාධිපතිතුමන්ගේ පුනරුදය ජාතික පරිසර සංරක්ෂණ වැඩසටහන යටතේ ක්‍රියාත්මක අපද්‍රව්‍ය කළමණාකරන ජාතික වැඩසටහන මගින් පොලිතින්, ප්ලාස්ටික් සහ ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය නිරාවරණ සතියක් අද (24) සිට 30 දක්වා ප්‍රකාශයට පත් කර ඇත.

එම සතිය තුළ දිවයින පුරා ප්‍රධාන නගර, මධ්‍යම පරිසර අධිකාරියේ පළාත් සහ දිස්ත්‍රික් කාර්යාල, මහ නගර සභාව, නගර සභාව සහ ප්‍රාදේශීය සභාපරිශ්‍ර කේන්ද්‍ර කර ගනිමින් පොලිතින්, ප්ලාස්ටික් සහ ඉලෙට්‍රොනික අපද්‍රව්‍ය එක්රැස් කිරීමේ මධ්‍යස්ථාන ක්‍රියාත්මක වේ.

ඒ අනූව නිවාස සහ ආයතන මට්ටමින් එක්රැස් වන එකී අපද්‍රව්‍ය අද (24) සිට 28 වනදා දක්වා එක්රැස් කිරීමේ රථයට හෝ ආසන්නත ම එක්රැස් කිරීමේ මධ්‍යස්ථාන වෙත රැගෙන ගොස් භාර දිය හැක. මෙම වැඩසටහනේ ගාල්ල දිස්ත්‍රික් වැඩසටහන අද (24) වන දින පෙ.ව 9.00ට ගාල්ල සමනල ක්‍රීඩාංගනයේ දී පැවැත්වේ.

එහි තාවකාලික ව ස්ථාපිත කොට ඇති අපද්‍රව්‍ය එකතු කිරීමේ මධ්‍යස්ථානයට පොලිතීන්, ප්ලාස්ටික් සහ ඉලෙට්‍රොනික අපද්‍රව්‍ය ගෙනවිත් භාර දිය හැක. මෙහි සමාරම්භක අවස්ථාව සඳහා දිස්ත්‍රික්කයේ දේශපාලන අධිකාරිය නියෝජනය කරමින් මැති ඇමතිවරු කිහිපදෙනෙකු ද සහභාගී වීමට නියමිතය.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.