• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

විමධ්‍යගත අයවැය වැඩසටහන මගින් මාතර දිස්ත්‍රික්කයේ සංවර්ධනයට රු.මි142ක්

developmentමාතර දිස්ත්‍රික්කයේ සංවර්ධන කටයුතු වෙනුවෙන් විමධ්‍යගත අයවැය වැඩසටහන යටතේ රුපියල් මිලියන 142ක මුදල් ප්‍රතිපාදන වෙන් කර ඇති බව මාතර දිස්ත්‍රික් ක්‍රමසම්පාදන අධ්‍යක්ෂ විදුර ප්‍රසන්න මහතා පවසයි.

ග්‍රාමීය යටිතල පහසුකම් හා සමාජ සුභසාධන ව්‍යාපෘති යටතේ ග්‍රාමීය මාර්ග කොන්ක්‍රීට් කිරීම, සුළු වාරිමාර්ග ප්‍රතිසංස්කරණ කටයුතු, ග්‍රාමීය බෝක්කු ඉදිකිරීම සහ ගම් මට්ටමේ සුභසාධක සමිති සඳහා භාණ්ඩ ලබා දීම ආදී කටයුතු මෙමගින් සිදු කෙරේ.

මහජන නියෝජිතයින්ගෙන් හා ග්‍රාමීය කමිටු මාර්ගයෙන් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් ලබාගත් ව්‍යාපෘති යෝජනා අනුව අදාළ මුදල් ප්‍රතිපාදන වැය කෙරේ. මේ වන විට මාතර දිස්ත්‍රික්කයේ සියලු ම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වලින් ලැබුණු ව්‍යාපෘති යෝජනා 1113ක් අනුමතකර තිබේ. ඒ අතරින් ව්‍යාපෘති 288ක වැඩ අවසන් කර ඇත. තවත් ව්‍යාපෘති 429ක වැඩ අවසන් කරමින් පවතී.

වැඩ යෝජනා 295ක් ප්‍රසම්පාදන ක්‍රියාවලිය තුළ පවතින අතර යෝජනා 101ක් සඳහා ඇස්තමේන්තු සකස් කරමින් පවතී.වැඩ අවසන් කර ඇති ව්‍යාපෘති වෙනුවෙන් රුපියල් මිලියන 18.36ක මුදලක් ගෙවා ඇත.

2016 වසරේ නොවැම්බර් මස 30 දින වන විට සමස්ත ව්‍යාපෘති යෝජනා වලින් 90%ක වැඩ අවසන් කිරීමට හැකි වෙතැයි අපේක්ෂා කරන බව ද ක්‍රමසම්පාදන අධ්‍යක්ෂවරයා වැඩි දුරටත් පැවසී ය.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.