• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

වී, තේ, පොල්, රබර් හා වෙනත් ක්ෂේත්‍ර භෝග සියල්ලට ම පොහොර සහනාධාර

teacoconutruberරජයේ පොහොර සහනාධාර වැඩසටහන යටතේ පොහොර වෙනුවට මුදල් ලබාදීමේ වැඩපිළිවෙළ අනුව වී වගාව සඳහා පොහොර සහනාධාර ලබාගන්නා ගොවියෙකුට වෙනත් භෝග වගාවන් සඳහා එම සහනාධාර මුදල් හිමි වූයේ නැත.

එහෙත් ඒ සම්බන්ධ ව නිකුත් කරන ලද නව චක්‍රලේඛය අනුව වී, තේ, පොල්, රබර් හා වෙනත් ක්ෂේත්‍ර භෝග (අල, ලූනු, මිරිස්, සෝයා, බඩ ඉරිඟු) ආදී සෑම වගාවක් සඳහා ම ගැටලුවකින් තොරව පොහොර සහනාධාරය ලබාගත හැකි ය.රබර් වගාව සඳහා අවම පර්චස් 20ක් හා උපරිම හෙක්ටයාර එකක් (අක්කර 2.5) ප්‍රමාණයකට යටත් ව වසරකට උපරිම රුපියල් 5000 දක්වා පොහොර සහනාධාරය ලබා දේ.

තේ වගාව වෙනුවෙන් හෙක්ටයාර එකක් සඳහා උපරිම රුපියල් 15000ක සීමාවකට යටත් ව ගෙවනු ලැබේ. පොල් වගාව සඳහා අවම පර්චස් 20ක පොල් ගස් 08ක් තිබිය යුතු අතර, උපරිම හෙක්ටයාර් දෙකකි. (අක්කර 05) පොල් ගසකට රුපියල් 56 බැගින් සහනාධාර ලබා දේ.

අනෙකුත් ක්ෂේත්‍ර භෝග සඳහා අක්කර දෙකහමාරක උපරිමයකට යටත්ව රුපියල් 10,000ක් ගෙවනු ලැබේ. කුඹුරු අක්කරයක් සඳහා රුපියල් 5000 කි. හෙක්ටයාර 02ක (අක්කර 05) උපරිමයකට යටත් ව එක් වී වගා කන්නයකට රුපියල් 25000 බැගින් ලබා දේ.

ඒ අනුව වී වගා කන්න දෙක සඳහා රුපියල් 50000ක මුදල් හිමි වේ.මාතර දිස්ත්‍රික්කයේ වී වගා කරන ගොවීන් 32292  දෙනෙකු සඳහා පසුගිය යළ කන්නයේ වගා කටයුතු වෙනුවෙන් රුපියල් මිලියන 178.47ක මුදලක් ගෙවා ඇති බව ජාතික පොහොර ලේකම් කාර්යාලයේ මාතර දිස්ත්‍රික් කාර්යාලයේ සහකාර අධ්‍යක්ෂ ජේ.අයි. විජේනායක මහතා පවසයි.පසුගිය කන්නයේ පොහොර සහනාධාරය ලබාගෙන වී වගා නොකළ ගොවීන් සඳහා මෙවර මහ කන්නය වෙනුවෙන් පොහොර සහනාධාරය හිමි නොවේ.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.