• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

“පැහැසර අරුණ” බදුල්ල දිස්ත්‍රික් සාහිත්‍ය උත්සවය - 2016 (11)

Badulla 2016.10.19 12016 වර්ෂයේ ජාතික සාහිත්‍ය කලා මහෝත්සවයට සමඟාමී ව බදුල්ල දිස්ත්‍රික්කයේ නිර්මාණශීලීත්වයෙන් හෙබි දූ දරුවන්ගේ හා සෙසු නිර්මාණකරුවන්ගේ  නිර්මාණශීලී කුසලතාවයන් ඔප්නැංවීමට මංපෙත් විවරකිරීම, ළමා හා තරුණ පරපුරෙහි සාහිත්‍ය  කලා රුචිකත්වය වර්ධනය කර ඔවුන් නිර්මාණකරණයට යොමු කිරීම, ජනතාව තුළ සාහිත්‍ය කලාව හා සංස්කෘතිය පිළිබඳ ව ප්‍රබෝදයක් ඇති කිරීම හා පොදුවේ යහපත් සමාජයක් ගොඩනැගීම සඳහා සාහිත්‍ය හා කලාව උපයෝගී කර ගැනීම යන අරමුණු මුල් කර ගෙන පැවැත්වෙන “පැහැසර අරුණ”බදුල්ල දිස්ත්‍රික් සාහිත්‍ය උත්සවය මේ මස (25) පෙ.ව. 8.30ට බදුල්ල සයිමන් පීරිස් අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වේ.

 මීට සමඟාමී ව බදුල්ල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් සාහිත්‍ය තරගාවලි, උත්සව හා වැඩසටහන්  පැවැත්විණි.  එමෙන් ම පාසල් සිසුන් හා සෙසු නිර්මාණකරුවන් උදෙසා ගද්‍ය, පද්‍ය, කෙටි කතා හා ගීත රචනා යන අංශයන්ගෙන් තරග පවත්වා ජයග්‍රාහී නිර්මාණ සඳහා සහතික සහ ත්‍යාග පිරිනැමීමද මෙහිදී සිදුකෙරේ. වර්තමාන සමාජ භාවිතාව තුළ අපගේ අතීතතය හා බැදුණු ජනශූතිවල වටිනාකම වැඩිවැඩියෙන් ඉස්මතුවෙමින් පවති.

යහපත් සමාජ සාරධර්මයන් ඉස්මතු කර ගැනීම සඳහා මේ පිළිබඳව අපගේ දූ දරුවන් දැනුවත් කිරීම කාලීන අවශ්‍යතාවයක් බැවින්, මෙවර සාහිත්‍ය දින ප්‍රධාන දේශනයෙන්  ජනශූති පිළිබඳ ව සාහිත්‍ය ලෝලීන් දැනුවත් කිරීමට කටයුතු යොදා ඇත. 

‍ඒ අනුව මෙවර ප්‍රධාන සාහිත්‍ය දින දේශනය “ජනශූති හා සබැදුණු සිංහල ජන සමාජය” මැයෙන්  “ප්‍රවීන ජනශූතිවේදී මහින්කුමාර දළුපොත මහතා” විසින් සිදුකිරීමට නියමිතව ඇත. ජන සමාජයේ යහපැවැත්මට සාහිත්‍ය හා කලාවේ බලපෑම පිළිබඳ ව ප්‍රජාව දැනුවත් කිරීමටද මෙහිදී බලාපොරොත්තු වන අතර ඒ සඳහා “ජීවිතයේ රසභාව මතු කරන සාහිත්‍ය”මැයෙන් කැළණිය විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යය තරිදු ධනංජය මහතාගේ සහභාගීත්වයෙන් රසවින්දනාත්මක වැඩසටහනක් පැවැත්වීමට කටයුතු යොදා ඇත.

පාසල් සිසුන්ගේ හා ජනතාවගේ රසඥතාවය වර්ධනය කිරීම හා පොදුවේ යහපත් සමාජයක් ගොඩනැගීම සඳහා සාහිත්‍ය හා කලාව උපයෝගී කර ගැනීම පුමුඛ අරමුණු කර ගත් මෙම දිස්ත්‍රික් සාහිත්‍ය උත්සවය, බදුල්ල දිස්ත්‍රික් ලේකම් නිමල් අබේසිරි මහතාගේ උපදෙස් පරිදි බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සහ සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව එක්ව සංවිධානය කෙරේ.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.