• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

ඌව විශ්වවිද්‍යාල වරම් ලැබු දරු දැරියන්ට ඌව පළාත් ආණ්ඩුකාරවර අරමුදලෙන් මුල්‍යාධාර

Badulla 2016.10.19ඌව පළාතට කීර්තියක් අත්‍කර දී, විශ්වවිද්‍යාල වරම් ලැබූ සිසු සිසුවියන් 14 දෙනෙකුගේ උසස් අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගැනීම සඳහා, ඌව පළාත් ආණ්ඩුකාරවර අරමුදලෙන් මුල්‍යාධාර පිරිනැමීම ඌව පළාත් ආණ්ඩුකාරවර ඇම්.පී.ජයසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ ඌව පළාත් ආණ්ඩුකාරවර කාර්යාල පරිශ්‍රයේදී සිදු කෙරිණි.

පළාතේ අඩු  ආදායම්ලාභී පවුල් වලට වෛද්‍ය ආධාර සඳහා සහ විවිධ අවශ්‍යතා වෙනුවෙන් මුල්‍යමය චෙක්පත් ප්‍රදානයක්දමෙහිදී සිදු කෙරිණි.

මෙම අවස්ථාවට ඌව පළාත් ප්‍රධාන ලේකම් ගාමිණී රාජකරුණා, ඌව පළාත් ආණ්ඩුකාරවර ලේකම් එච්.එම්.සෝමතිලක යන මහත්වරුන් ඇතුළු රජයේ නිලධාරීන් සහ ශිෂ්‍යත්වලාභී සිසු දරු දැරියන්ගේ දෙමව්පියන් පිරිසක්ද සහභාගී වූහ.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.