• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

වියළි කාලගුණය නිමා කරමින් මාතරට වැසි

rainමාතර දිස්ත්‍රික්කයට බලපෑ වියළි කාලගුණ තත්ත්වය නිමාවට පත් කරමින් දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට මෝසම් වර්ෂාව පතිතවීම ආරම්භ වී තිබේ.

දිවයිනට ම බලපෑ අධික වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් පසුගිය කන්නයේ මාතර දිස්ත්‍රික්කයේ වී වගාව ද සැලකිය යුතු මට්ටමකින් පහත වැටුණි.

2016 යළ කන්නයේ වී වගා ඉලක්කය හෙක්ටයාර 16414ක් වුවත් වගා කළ හැකි වූයේ හෙක්ටයාර 6579ක් පමණි. මෙය දිස්ත්‍රික්කයේ වී වගාව සම්බන්ධයෙන් විශාල පසුබෑමකි. ඇතැම් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල විශාල කුඹුරු යායවල් වියළී පුරන් වී ගියේ ය.

කෙසේ වෙතත් වගා නොකළ කුඹුරු ඉඩම් වලට නොව වගා කර හානියට පත් වී වගාවන් වෙනුවෙන් රක්ෂණ මුදල් අය කිරීමකින් තොරව  රක්ෂණ වන්දි ලබා දීමට කෘෂි රක්ෂණ මණ්ඩලය තීරණය කර ඇත.

වැසි සමය ආරම්භ වීමත් සමඟ ඉදිරි මහ කන්නය පිළිබඳ ව දිස්ත්‍රික්කයේ ගොවීන් තුළ බලාපොරොත්තු දැල්වී තිබේ.

ඉදිරි මහ කන්නයේ මාතර දිස්ත්‍රික්කයේ වී වගා ඉලක්කය හෙක්ටයාර 18780ක් බව මාතර දිස්ත්‍රික් කෘෂිකර්ම අධ්‍යක්ෂ එම්.එච්.යූ. සිරිවර්ධන මහත්මිය පැවසුවා ය.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.