• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

ලෝක ළමා දින දකුණු පළාත් උත්සවය මාතර දී සැමරේ

mataraඔක්තෝබර් පළමුවැනිදාට යෙදෙන ලෝක ළමා දින සැමරුමට සමඟාමී ව දකුණු පළාතේ ළමා නිවාසගත දරු දැරියන් දහසකගේ සහභාගිත්වයෙන් දකුණු පළාත් සමාජ සුභසාධන හා ළමාරක්ෂක අමාත්‍ය වීරසුමන වීරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් දකුණු පළාත් ළමා දින සැමරුම් උළෙල පසුගියදා මාතර සනත් ජයසූරිය ක්‍රීඩාංගනයේ දී පැවැත්විණි.‍

දකුණු පළාතේ සියලු ම ළමා නිවාස වල සිටින දරු දැරියන් මෙයට සහභාගී වු අතර, ඔවුන් එහිදී සිය හැකියාවන් ද ඉදිරිපත් කරන ලදි.

දරු දැරියන්ගේ නැටුම් ගැයුම් හා වැයුම් වලින් උත්සවය වර්ණවත් විය.දක්ෂිණ ළමා පළාත් සභාවේ දරු දැරියන් ද මෙම උත්සවය පැමිණ සිටියහ.

මෙම උත්සව අවස්ථාව සඳහා ප්‍රදේශයේ දේශපාලන නායකත්වය, රාජ්‍ය නිලධාරීන් ඇතුළු ප්‍රදේශවාසී ජනතාව සහභාගි වී සිටියහ.දකුණු පළාත් සමාජ සුභසාධන හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව මෙම ළමා දින උළෙල සංවිධානය කරන ලදි.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.