• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

මාතර දිස්ත්‍රික්කයේ පවුල් 118ට සිමෙන්ති බෙදාදීම 16 වැනිදා

cementsඅඩු ආදායම් ලාභී පවුල් සඳහා නිවාසාධාර ලබාදීමේ වැඩසටහන යටතේ සිමෙන්ති ආධාර බෙදා දීමේ වැඩසටහනක් විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් 16 වැනිදා මාතර ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේ දී පැවැත්වේ.
මේ අවස්ථාව සඳහා මාතර දිස්ත්‍රික්කයේ දේශපාලන නායකත්වය, මාතර ප්‍රාදේශීය ලේකම් රංජිත් යාපා මහතා, ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ මාතර දිස්ත්‍රික් කළමණාකරු අජන්ත ද සිල්වා මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන් හා ප්‍රතිලාභීන් සහභාගි වීමට නියමිත ය.

ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ මාතර දිස්ත්‍රික් කාර්යාලය වැඩසටහන සංවිධානය කරයි.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.