• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

හික්කඩුව පැරෑලිය නව ධීවර නැංගුරම්පොළකට මුල් ගල

fisheriesහික්කඩුව පැරෑලිය නව ධීවර නැංගුරම්පොළකට මුල් ගල තැබීම මේ මස 17 වන දින ප.ව 4.00ට ධීවර හා ජලජසම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත් වේ.
 
මිලියන 300ක් මේ සඳහා ඇස්තමේන්තු ගත කොට ඇති අතර,  නැංගුරම්පොළ කඩිනමින් ඉදිකිරීමට යෝජිතය. ප්‍රදේශයේ ධීවර ප්‍රජාවගේ ආර්ථිකය ඉහළට ඔසවා තැබෙන මෙම නව ව්‍යාපෘතිය ජාතික නිෂ්පාදනයටද කඩිනමින් දායක කර ගැනීමට ධීවර හා ජලජසම්පත් සංවර්ධන අමාත්‍යාංශය බලාපොරොත්තු වේ.

මේ අවස්ථාව සඳහා ගාල්ල දිස්ත්‍රික්කයේ මැති ඇමතිවරු රැසක් ද සහභාගී වීමට නියමිත ය. 
 

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.