• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

ලෝක දෑත් සේදීමේ දිනය නිමිත්තෙන් ගාල්ලේදී වැඩසටහනක්

hand washලෝක දෑත් සේදීමේ දිනය ඔක්තොම්බර් මස 15 වැනි දිනට යෙදි ඇත.  මෙදිනට සමඟාමී ව දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය විසින් සංවිධානය කරනු ලැබූ සෞඛ්‍ය අධ්‍යපනික වැඩමුළුවක් ඊයේ (13) දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යල ශ්‍රවණාගාරයේ දී පැවැත්විනි.
මෙහි දී සමාරම්භක දේශනය සිදු කල  ජාතික ක්ෂය රෝග මර්ධන මධ්‍යස්ථානයේ උපදේශිකා  විශේෂඥ වෛද්‍ය ධම්මිකා විදානගමගේ මහත්මිය පෙන්වා දුන්නේ ලෝකයේ තුනෙන් එකක් ක්ෂය රෝගය වැලදීමට නිරාවරණය වී ඇති බවත්, මිලියන 9.6ක් රෝගීන් 2014 වර්ෂයේ හඳුනාගෙන ඇති බවත් ය. ඉන් මිලියන 5.4ක් පිරිමි, මිලියන 3.2 කාන්තාවන් සහ ඉන් මිලියනයක් ළමුන් බවත් හඳුනාගෙන ඇත.  එමෙන් ම වයස්ගත වූ ශරිරය කෘෂ වීම සහ නිතර කැස්ස පැවතීම ක්ෂය රෝග ලක්ෂණයක් වූවත්, එය සෑම අවස්ථාවකම නිවැරදි රෝග ලක්ෂණ නොවන බවත්, නව රෝගයේ ප්‍රවනාතවය වනුයේ කාය ශක්තිය හෙබි තරුණයින්ට ද එය වැළ දීමේ ප්‍රවණතාවය වැඩි බවත් ය.

මේ අවස්ථාව සඳහා හෙඳ හෙදි නිලධාරීන් රැසක් ද සහභාගී වී සිටියහ.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.