• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

බදුල්ල දිස්ත්‍රික්කයේ 40857 දෙනෙක් නියඟයෙන් පීඩාවට

badulla 2016නොකඩවා මාස තුනක පමණ කාලයක සිට බදුල්ල දිස්ත්‍රික්කය තුළ පවතින දැඩි නියඟය හේතුවෙන් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 15ක් තුළ පවුල් 9911ක පුද්ගලයින් 40857 දෙනෙක් පීඩා විදින බව බදුල්ල දිස්ත්‍රික් ලේකම් නිමල් අබේසිරි මහතා පවසයි.

ඔක්තෝබර් 10 දින වන විට බදුල්ල දිස්ත්‍රික්කයේ නියඟයෙන් වැඩි වශයෙන්ම පීඩාවට පත්ව ඇත්තේ මහියංගණ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයයි. එහි ග්‍රාම නිලධාරී වසම් 35න් වසම් 28ක ජනතාව උග්‍ර ජල හිඟයකට ලක්වී සිටිති.

එම සංඛ්‍යාව පවුල් 8446ක පුද්ගලයින් 34492ක් බව මහියංගණ ප්‍රාදේශීය ලේකම් ප්‍රභාත් අබේවර්ධන මහතා පවසයි.දැනට පවතින මෙම නියං ආපදා තත්ත්වය තුළ ජලය සැපයීම සඳහා ජල බවුසර් සහ ජල ටැංකි සපයා ගැනීම බලවත් ගැටලුවක් වී ඇත.

බදුල්ල දිස්ත්‍රික්කයේ නියඟයෙන් විපතට පත් ජනතාව සඳහා ජලය සැපයීම වෙනුවෙන් ලීටර් 10000 ධාරිතාවයෙන් යුතු ජල බවුසර් 10ක් පමණ අවශ්‍ය වෙතැයි ගණන් බලා ඇත. නියඟයෙන් දැඩි ලෙස පීඩා විදින මහියංගණ සහ රිදීමාලියද්ද ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල පවුල් වෙනුවෙන් සහන සැලසීම සඳහා බදුල්ල දිස්ත්‍රික් ලේකම්වරයා විසින් ආපදා කළමනාකරණ අමාත්‍යාංශය වෙතින් රුපියල් මිලියන 9.2ක මුදල් ප්‍රතිපාදනයක් කඩිනමින් ලබාදෙන ලෙස ද ඉල්ලා ඇත.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.