• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

ගර්භණී මව්වරුන් සඳහා දේශීය ආහාර පිළිබඳ දැනුම්වත් කිරීමක් වැලිපිටියේ දී

preganncyගර්භණී සමය තුළ වැඩි වශයෙන් දේශීය ආහාර රටාවකට හුරු වීමෙන් නීරක්තිය අවම කර දරුවාගේ සහ මවගේ පෝෂණ මට්ටම ඉහළ නංවා ගැනීම සඳහා වැදගත් වන දේශීය ආහාර පිළිබඳ ව දැනුම්වත් කිරීමේ වැඩසටහකත් පසුගියදා වැලිපිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.

වැලිපිටිය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ සියලු ම ග්‍රාම නිලධාරී වසම් නියෝජනය වන පරිදි ගැබිණි මව්වරුන් තෝරාගෙන මෙම වැඩසටහන පවත්වන ලදි.මෙහි දී දේශීය ආහාර වර්ග ගුණාත්මක බව හීන නොවන අයුරින් සකස් කර ගන්නා ආකාරය පිළිබඳව ද මව්වරුන් දැනුම්වත් කෙරිණි.

මෙම වැඩසටහන සඳහා ගැබිණි මව්වරුන් පනහකට ආසන්න පිරිසක් සහභාගි වී සිටියහ.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.