• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

බදුල්ල නගරයේ කසල ගින්න

badullaබදුල්ල නගරයේ වින්සන්ට් ඩයස් ක්‍රීඩාංගනයට යාබදව පිහිටි බදුල්ල මහ නගර සභාවේ කසල ප්‍රතිචක්‍රීයකරණ ඒකකය  අසල තිබූ අක්කර 04ක පමණ භූමි භාගයක පිහිටි කුණු කන්ද මේ වන විටත් ගිනි ගනිමින් තිබේ.

පසුගිය ඉරිදා (09) ඇති වී තිබූ මෙම ගින්න ඊයේ (11) සිට දැඩි ලෙස වර්ධනය වී නගරය පුරා දුම පැතිරෙමින් තිබේ. බදුලු නගර මධ්‍යයේ පිහිටි මෙම කුණු ගොඩෙහි ඇති වූ ගින්න මැඩපැවැත්වීම සඳහා මහ නගර සභා ගිණි නිවීම් ඒකකය උත්සහ කළ ද එය අසාර්ථකවීම හේතුවෙන් ඊයේ සිට යුද හමුදා ගිනි නිවීම් ඒකකය හා ගුවන් හමුදාවේ හෙලිකොප්ටර් යානා 02 ක්ද යොදාගනිමින් ගිනි නිවීමේ කටයුතු මේ වන විටත් සුදුකරමින් තිබේ.ඇති වී තිබෙන දැඩි දුමාරය හේතුවෙන් බදුල්ල නගරයේ පාසැල් 05ක් ඊයේ සිට ලබන 14 දින දක්වා වසා දැමීමට ඌව පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ.

විෂ සහිත දුම ආග්‍රහනය වීමෙන් රෝගී වූ 30 දෙනෙකු පමණ බදුල්ල මහ රෝහලෙන් ප්‍රතිකාර ලබා පිටව ගොස් තිබේ.ගින්න ඇති වූ ආකාරය මෙතෙක් අනාවරණය වී නොමැති අතර, ඌව පළාත් ප්‍රධාන අමාත්‍යවරයා, ඌව පළාත් සභාව, බදුල්ල මහ නගර සභාව සහ බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය එක්ව ගින්න නිවීමේ මෙහෙයුම මේ වන විටත් සිදු කරමින් තිබේ.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.