• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

ධාවනයට නුසුදුසු වාහන 48ට තහනම් නියෝග

old carඌරුබොක්ක නගරය කේන්ද්‍රකර ගනිමින් සිදු කෙරුණු රථ වාහන සෝදිසි කිරීමේ මෙහෙයුමක දී ධාවනයට නුසුදුසු තත්ත්වයේ පැවති වාහන 48 ට තහනම් නියෝග නිකුත් කර තිබේ.

මාතර දිස්ත්‍රික්කයේ මෝටර් රථ පරික්ෂකවරුන් වන එන්.කෝදාගොඩ මහතා හා  ටී.එම්.ඩී.ජී. අතුල කුමාර මහතා ඇතුළු නිලධාරීන් සහ ඌරුබොක්ක පොලිසිය එක්ව පසුගියදා මෙම රථවාහන සෝදිසි මෙහෙයුම සිදු කරන ලදි.

පාසල් ළමයින් ප්‍රවාහනය කරන පාසල් වෑන් රථ ඇතුළු වාහන රැසක් මෙහි දී පරීක්ෂාවට ලක්කර ඇත.මාතර දිස්ත්‍රික්කයේ අනෙකුත් නගර කේන්ද්‍රකර ගනිමින් ද මෙවැනි සෝදිසි මෙහෙයුම් ඉදිරියේ දී ක්‍රියාත්මක කිරීමට නියමිත ය.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.