• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

නිල මෙහෙවර ජංගම සේවාව දෙවන වැඩසටහන ගාල්ලේ දී

galle 2016.10 12ස්වදේශ කටයුතු අමාත්‍යාංශය මගින් මෙහෙයවනු ලබන නිල මෙහෙවර දෙවන වැඩසටහන නොවැම්බර් මස දී ගාල්ල  දිස්ත්‍රික්කය මූලික කර ගෙන පැවැත්වීමට මේ වන විට කටයුතු සකස් වෙමින් පවතී. 

මෙහි පළමු වැඩසටහන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පොලොන්නරුව දිස්ත්‍රික්කය මුල් කරගෙන පැවැත්විණි.  ජනාධිපති ජංගම සේවාව පිළිබඳ ව නිලධාරීන් සහ දිස්ත්‍රික්කයේ සියලු ම ක්ෂේත්‍ර අංශ දැනුවත් කිරීම සඳහා වන වැඩසටහනක් මේ මස 16 වන දින ගාල්ල ලබුදූව සිරිධම්ම විද්‍යාලයේ දී නිලධාරීන් 4000ක පමණ සහභාගීත්වයෙන් පැවැත්වීමට කටුයුතු යොදා ඇත.

මේ අවස්ථාව සඳහා ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා සහ ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් නීල්ද අල්විස් යන මහත්වරුන් සහභාගී වීමට නියමිතය. දැනුම්වත් කිරීමේ වැඩසටහන එදින පෙ.ව 9.00 සිට මධ්‍යහ්න 12.00 දක්වා පැවත්වේ. දිස්ත්‍රික්කයේ ප්‍රජාවගේ විවිධ ගැටලු හඳුනා ගැනීමත්, ඒ සඳහා කඩිනම් විසඳුම් සැපයීමත්, නිල මෙහෙවර ජංගම සේවාවේ මුලික ම අරමුණයි.

ඉඩම් සම්බන්ධ ගැටලු, එල්. එල්. ආර්. සී. ඉඩම් ගැටලු, ගොවිජන සේවා ගැටලු, සමාජසේවා ඉල්ලීම්, ජාතික හැඳුනුම්පත් ලබා දීම, නිවාස ගැටලු, වෘතිය පුහුණු අවස්ථා, පාරිසරක ගැටලු , බැංකු ණය ලබාදීම් ආදී බහුවිධ අවශ්‍යතාවයන් හඳුනා ගැනීම දිස්ත්‍රික්කයේ සියලු ම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස ආවරණය වන පරිදි යෝජිත දිනයන් හි දී සිදු වේ. නොවැම්බර් මස ආරම්භයේ සිට දෙසැම්බර් මාසය දක්වා මෙම ජංගම සේවා වැඩසටහන් පැවැත්වීමට නියමිතය. වැඩසටහන ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය විසින් මෙහෙවනු ලබයි.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.