• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

මහජන සත්කාරක සේවා වැඩසටහනක් පිටබැද්දර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන්

Mathara 2016.10.12පිටබැද්දර ප්‍රාදේශීය ලේකම් රවීන්ද්‍ර ජයනාත් මහතාගේ සංකල්පයක් අනුව මහජන සත්කාරක කඩිනම් සේවා වැඩසටහනක් පසුගියදා පිටබැද්දර ප්‍රාදේශීය ලේකම් කාර්යාල පරිශ්‍රයේ දී පැවැත්විණි.

රාජ්‍ය සේවයේ හා පෞද්ගලික අංශයේ රැකියාවන්හි නියුතු වූවන් සහ විශේෂයෙන් දෛනික රැකියාවන්හි නිරත වතු ආශ්‍රිත ජනතාව ඉලක්ක කර ගනිමින් මෙම වැඩසටහන ක්‍රියාවට නැංවිණි.

සතියේ දිනවල තම රාජකාරි අවශ්‍යතා ඉටුකර ගැනීමට ඔවුන්ට පවතින අපහසුතාව සලකා සති අන්ත දිනෙක මෙම විශේෂ කඩිනම් සේවාව පැවැත්වීමට කටයුතු යොදා තිබිණි.සහකාර ප්‍රාදේශිය ලේකම් නදීකා දිල්හානි මහත්මිය ඇතුළු කාර්ය මණ්ඩලය, පිටබැද්දර ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ සියලු ම ක්ෂේත්‍ර නිලධාරීන්, පිටබැද්දරට අයත් ග්‍රාම නිලධාරී වසම් 19 හි ග්‍රාම නිලධාරීන් මේ සඳහා දායකත්වය දැක්වූහ.

සතියේ දිනවල තම රාජකාරි අවශ්‍යතා ඉටුකර ගැනීමට අපහසු විශාල පිරිසක් මෙදින තම රාජකාරි ඉටුකරගත්හ

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.