• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

දැඩි නියගය නිසාවෙන් ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයක ජනතාවට පීඩා

flowමාස කිහිපයක් තිස්සේ පවතින දැඩි නියගය නිසාවෙන් ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස හතරක පවුල් 6087ක සාමාජිකයින් 17690ක් පානීය ජලය නොමැති කමින් පීඩාවට පත්ව සිටිති.

වැඩිම පිරිසක් පීඩාවට පත්ව ඇත්තේ බෙන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ යි. එම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 5000ක සාමාජීකයින් 13500ක පීඩාවට පත්ව සිටින අතර, ඉමදුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 440ක සාමාජීකයින් 1630ක් ද බලපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 355ක සාමාජිකයින් 1560ක් ද , අම්බලන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 80ක සාමාජිකයින් 350ක්ද  වැලිවිටිය දිවිතුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 212ක සාමාජීකයින් 650ක් ද පීඩාවට පත්ව සිටිති.මේ වන විට මෙම ප්‍රදේශවලට ජලය සැපයීම සඳහා ජල බුවුසර යොදා ජලය පිරවීමට පියවර ගෙන ඇත.

එමෙන් ම  ප්‍රාදේශී ලේකම් කාර්යාල ප්‍රාදේශීය සබා ඒකා බද්ධව මෙම වැඩසටන ක්‍රියාත්මක අතර, ආපදා කළමණාකරණ අමාත්‍යංශය ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන සපයා ඇත.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.