• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

දකුණේ වාහන හිමියන්ට අන්තර්ජාලය හරහා ආදායම් බලපත්‍ර ලබාදීමට පියවර

vehicleදකුණු පළාතේ ලියාපදංචි වාහන සඳහා ආදායම් බලපත්‍ර ලබා ගැනීමේ දී මින් ඉදිරියට කාර්යාල ඉදිරියේ පෝළිමේ නොසිට අන්තර් ජාලය හරහා ආදායම් බලපත්‍ර ලබා ගැනීමට පහසුකම් සලසා ඇති බව දකුණු පළාත් මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ඩබ්.ජී. අමිල ඉන්දික මහතා පවසයි.

ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට මෙය ක්‍රියාවට නැගෙන්නේ දකුණු පළාත කේන්ද්‍ර කර ගනිමිනි.අන්තර්ජාල පහසුකම් සහිත වාහන හිමියන් සඳහා නිවසේ සිටම තම ආදායම් බලපත්‍රය ලබා ගැනීමට පහසුකම් සලසා තිබේ.

එසේ බලපත්‍ර ලබා ගන්නා අයට ලියාපදිංචි තැපෑලෙන් සිය නිවසටම ආදායම් බලපත්‍රය ලැබෙන්නට සලස්වයි. බස්, ලොරි, ටිපර්, වෙළඳ වාහන හැර යතුරු පැදි, ත්‍රීරෝද රථ, ඉඩම් වාහන, මෝටර් කාර්, ද්විත්ව කාර්ය වෑන්, කැබ් ආදී වාහන වලට මෙම පහසුකම හිමි වේ.කාර්යාලයට පැමිණීමට අපහසු, අන්තර්ජාල පහසුකම් නොමැති වාහන හිමියන්ට ප්‍රධාන බස් නැවතුම්පොළ වලදී ආදායම් බලපත්‍රය ලබා ගැනීම සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය කරමින් පවතී. එහි ප්‍රථම පියවර වශයෙන් මේ වන විට ගාල්ල බස් නැවතුම්පොළ පරිශ්‍රයේ අන්තර්ජාලය හරහා ආදායම් බලපත්‍ර ලබාදීම සඳහා වන සේවා පියසක් පිහිටුවා ඇත.

පළමු අදියර යටතේ මාතර, අකුරැස්ස හා තංගල්ල බස් නැවතුම් පොළ ආශ්‍රිතව සේවා පියස පිහිටුවීමට පියවර ගනිමින් පවතී.ඉදිරියේ දී දකුණු පළාතේ අනෙකුත් ප්‍රධාන බස් නැවතුම් පොළ ආශ්‍රිතව ද වාහන ආදායම් බලපත් නිකුත් කරන සේවා පියස පිහිටුවා ඊට අවශ්‍ය පරිගණක පද්ධතිය සහ පුහුණු කාර්ය මණ්ඩලය ලබාදීමට පියවර ගැනේ.මේ වන විට දකුණු පළාත තුළ ලියාපදිංචි යතුරු පැදි 214236 ක්, ත්‍රීරෝද රථ 84202 ක්, බස්, ලොරි ඇතුළු බර වාහන 13970 ක්, කාර්, වෑන්, ඉඩම් වාහන, ද්විත්ව කාර්ය වාහන 60361 ක් පවතින බව ද දකුණු පළාත් මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්වරයා පැවසී ය.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.