• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

ලෝක ළමා දින හා වැඩිහිටි දින සැමරුමක් මාතර දී

child  ඔක්තෝබර් පළමුවැනිදාට යෙදෙන ලෝක ළමා දින සැමරුමට සමඟාමී ව දකුණු පළාතේ ළමා නිවාසගත දරු දැරියන් දහසකගේ සහභාගීත්වයෙන් පවත්වනු ලබන ළමා දින සැමරුම් උළෙල සහ දකුණු පළාතේ වැඩිහිටි ප්‍රජාවගේ සහභාගිත්වයෙන් පවත්වනු ලබන ජාත්‍යන්තර වැඩිහිටිදින සැමරුම් උළෙල ඔක්තෝබර් 10 හා 11 දෙදින මාතර සනත් ජයසූරිය ක්‍රීඩාංගනයේ දී පැවැත්වේ.

ළමා දින සැමරුම 10 වැනිදා පෙ.ව. 9.30 ට පැවැත්වෙන අතර එදිනම සවස 2.00 ට දකුණු පළාතේ ළමා පළාත් සභාව පැවැත්වේ.

වැඩිහිටි දින සැමරුම් උළෙල 11 වැනිදා පෙ.ව. 9.30 ට ආරම්භ කෙරේ.මෙම උත්සව අවස්ථාවන් සඳහා ප්‍රදේශයේ දේශපාලන නායකත්වය, රාජ්‍ය නිලධාරීන් ඇතුළු ප්‍රදේශවාසී ජනතාව සහභාගිවීමට නියමිත බව මාතර දිස්ත්‍රික් පරිවාස හා ළමාරක්ෂක සේවා කාර්යාලයේ ස්ථානභාර පරිවාස නිලධාරී බී.එච්.තිස්ස කුමාර මහතා පවසයි.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.