• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

මාතර දිස්ත්‍රික්කයේ පාසල් නොගිය ළමුන් 326ක් පාසල් ගත කෙරේ

childපාසල් නොගිය හා කඩින් කඩ පාසල් ගිය ළමුන් 449 දෙනෙකු පසුගිය මාස 08ක කාලය තුළ හඳුනාගෙන ඇති අතර, එයින් ළමුන් 326 දෙනෙකු නැවත පාසල් ගත කිරීමට කටයුතු කළ බව පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුවේ මාතර දිස්ත්‍රික් කාර්යාලයේ දිස්ත්‍රික් ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරී ඩී.එච්.ජේ.පී. බුද්ධික මහතා පවසයි.

වයස අවුරුදු 16 සම්පූර්ණ වූ නැවත පාසල් යාමට අකමැති දරුවන් වෘත්තීය පුහුණු ආදී අවස්ථාවන් සඳහා යොමු කර ඇත.ඒ අනුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් අතුරලිය 71, පිටබැද්දර 51, වැලිගම 48, දික්වැල්ල 41, දෙවිනුවර 40, පස්ගොඩ 33, මාතර 30, වැලිපිටිය 25, මාලිම්බඩ 20, කිරින්ද - පුහුල්වැල්ල 20, හක්මණ 18, අකුරැස්ස 16, කොටපොල 14, කඹුරුපිටිය 09, මුලටියන 08, තිහගොඩ 05 වශයෙන් පාසල් නොයන ළමුන් හඳුනාගෙන තිබේ.

මෙම තොරතුරු අනාවරණය කරගෙන තිබෙන්නේ විදුහල්පතිවරු, ග්‍රාම නිලධාරී, දිවිනැගුම නිලධාරී, ආර්ථික සංවර්ධන නිලධාරී, කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර, පවුල් සෞඛ්‍ය සේවිකා, සිවිල් ආරක්ෂක කමිටු, ග්‍රාමීය මට්ටමේ ස්වේච්ඡා සංවිධාන හා ග්‍රාමීය ප්‍රජාව විසින් පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව මගින් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් පත්කර තිබෙන ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරීන් වෙත වාර්තා කිරීම මගිනි. එපමණක් නොව 1929 ට ලැබෙන දුරකතන ඇමතුම් මගින් ද තොරතුරු ලබාගෙන තිබේ.

බුද්ධික මහතා වැඩිදුරටත් පැවසුවේ පාසල් යායුතු වයසේ පසුවන එහෙත් පාසල් නොයන හෝ කඩින්කඩ පාසල් යන දරු දැරියන් හඳුනාගෙන තමාගේ ඍජු මැදිහත්වීම මත හා ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස මට්ටමින් සිටින තම සහෝදර නිලධාරීන්ගේ සහාය මත හැකි සෑම විට ම ඔවුන් පාසල්ගත කිරීම සඳහා අවශ්‍ය කටයුතු සිදු කරන බවයි.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.