• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

දිස්ත්‍රික් ළමා සංවර්ධන කමිටුව ගාල්ලේ දී රැස්වේ

childගාල්ල දිස්ත්‍රික් ළමා සංවර්ධන කමිටුව ඊයේ (20) දින දිස්ත්‍රික් ලේකම් එස්. ටී. කොඩිකාර මහතාගේ ප්‍රධානත්වයෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පැවැත්විණි.

මෙහි දී සිය දිවි නසා ගැනීම් පිළිබඳ ව විශේෂ දේශනයක් සිදු කල වෛද්‍ය අමිල චන්ද්‍රසිරි මහතා පෙන්වා දුන්නේ දළ වශයෙන් වසරකට මෙරට සියදිවි නසා ගැනීම් 3000ක් පමණ වාර්තා වන බවත්, සියදිවි නසා ගැනීම සඳහා පුද්ගලයින් 30000ක් පමණ  පිරිසක් තැත් කරන බවත් ය. 

මේ අතරින්  බහුතරය වයස අවුරුදු 16-25ත් අතර වයසේ පසු වන්නන් වීම වඩාත් ව්‍යාකූල තත්ත්වයක් බවට ඒ මහතා සඳහන් කර සිටියේ ය.

කොතෙකුත් උපදේශන සේවාවන් පාසල් සිසු සිසුවියන් ඉලක්ක කර ගත්ත ද  ඉන් ඒ පිළිබඳව අවබෝධය 17.4 % පමණ පිරිසක් පමණක් ග්‍රහණය කර ගන්නා බව ද වෛද්‍ය අමිල චන්ද්‍රසිරි මහතා වැඩිදුරටත් සඳහන් කර සිටියේ ය.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.