• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

පෝෂණය නැංවීම සම්බන්ධ බහු අංශික ක්‍රියාකාරිත්වය පිළිබඳ අනුරපුර දිස්ත්‍රික් කමිටුව රැස්වෙයි

foodsපෝෂණය සම්බන්ධයෙන් වන බහු අංශික ක්‍රියාකාරී සැලැස්ම ක්‍රියාත්මක කිරීම පිළිබඳව ග්‍රාමීය කමිටු දැනුවත් කිරීමේ වැඩසටහනක් අනුරාධපුර දිස්ත්‍රික්කය තුළ ඉතා සක්‍රියව ක්‍රියාත්මක වෙමින් තිබේ.

නිරෝගී බව, පෝෂණය ආදි ඉලක්ක සපුරා ගැනීමේ අවශ්‍යතාව මත ක්‍රියාත්මක මෙම වැඩපිළිවෙළ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ සංකල්පයකි. ග්‍රාමීය වශයෙන් සෞඛ්‍ය හා පෝෂණය නැංවීමට ගන්නා මෙම ක්‍රියාමාර්ග වලදී දැඩි පරිශ්‍රමයක් යොදා  ග්‍රාමීය ජනතාව තුළ පෝෂණිය ආහාර සඳහා වන හුරු කිරිම කළ යුතු බව අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් ඩී.පී.ජී කුමාරසිරි මහතා පැවසීය.

සෞඛ්‍ය හා පෝෂණය සම්බන්ධ ඉහළ නිලධාරින් මෙන්ම ප්‍රාදේශීය ලේකම්වරුන් ද එහිදී කැපි පෙනෙන දායකත්වයක් ලබාදිය යුතු බව දිස්ත්‍රික් ලේකම්වරයා වැඩිදුරටත් පැවසීය. ඒ මහතා මේ අදහස් පළ කළේ, දිස්ත්‍රික් පෝෂණ කමිටුව පිළිබඳව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පැවති රැස්වීමකට එක් වෙමිනි.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.