• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

ආක්‍රමණශීලි ජීවි විශේෂ පිළිබඳ දැනුම්වත් කිරීමේ වැඩමුළු මාලාවක් අනුරාධපුරයේදී

dicranopteris linearis 800ආක්‍රමණශීලි ආගන්තුක ජීවි විශේෂ පිළිබඳ ව දැනුම්වත් කිරීමේ පුහුණු වැඩමුළු මාලාවක් අනුරාධපුරයේදී පසුගිය දින කිහිපයේදී පැවැත්විණි.

එහිදී රාජ්‍ය ආයතන ප්‍රධානීන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් විශාල පිරිසකට ආක්‍රමණශීලී ශාක හා සත්ත්ව විශේෂ සම්බන්ධ දැනුම ලබාදීම සිදුවිය. මෙහි මුඛ්‍ය බලාපොරොත්තුව වන්නේ, සාමාන්‍ය ජනතාව වෙත මෙම දැනුම රැගෙන යාමට අවශ්‍ය අත්වැල සැපයීමයි.

එයින් ආක්‍රමණශීලී ශාක හා සත්ත්ව විශේෂ නිසා ඇතිවන ගැටලු මඟහරවා ගත හැකිය.මෙම වැඩසටහන මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යංශය මඟින් ක්‍රියාවට නංවයි.

ආක්‍රමණශීලි ශාක විශේෂ 82ක් පමණ ශ්‍රී ලංකාව තුළ පැතිර පවතී. ඒවායින් ඇති වන ආර්ථිකමය බලපෑම පාලනය කර ගැනීම උදෙසා ක්‍රියා කිරීමට නම් නීතිමය පද්ධතියක් ඔස්සේ ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම වටිනා බව දැනුම්වත් කිරීමේ වැඩසටහන් වලට සම්බන්ධ වූ අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් ඩී.පී.ජී. කුමාරසිරි මහතා පැවසීය.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.