• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

ශ්‍රීමත් අනගාරික ධර්මපාල චරිතය පිළිබඳ අනුරාධපුර ශිෂ්‍ය නායක නායිකාවන් දැනුම්වත් කෙරේ

anagarika daramapala anuradhapuraශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමන්ගේ 152 වන ජන්ම දිනය නිමිති කර ගනිමින් විශේෂ දේශනා මාලාවක් දිවයින පුරා මේ දිනවල පැවැත්වේ.

ඊට සමඟාමී ව අනුරාධපුර දිස්ත්‍රික්කයේ පාසල් ශිෂ්‍ය නායක නායිකාවන් සඳහා අනගාරික ධර්මපාල චරිතය පිළිබඳව පැහැදිලි කරන විශේෂ දේශනයක් පසුගියදා පැවැත්විණි.

එතුමන්ගෙන් මෙරටට ඉටු වු සේවය මෙන්ම ලද හැකි නායකත්ව ආදර්ශ පිළිබඳ එහිදී පාසල් ශිෂ්‍ය නායක නායිකාවෝ දැනුම්වත් කළහ. මේ පිළිබඳ දේශනය පවත්වනු ලැබුවේ අනගාරි ධර්මපාලතුමා පිළිබඳව දිගු කාලෙක සිට පර්යේෂණ පවත්වා පරිචය ලද කැළණිය විශ්වවිද්‍යාලයේ ජනසන්නිවේදන අධ්‍යන අංශයේ කථිකාචාර්ය මංගල කීර්ති පැස්කුවල් මහතා විසිනි.

අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය හා බෞද්ධ කටයතු දෙපාර්තමේන්තුව ඒකාබද්ධව සංවිධානය කළ මෙම වැඩුළුව අනුරාධපුර ස්වර්ණපාලි බාලිකා විද්‍යාලීය ශ්‍රවණාගරයේදී පවත්වන ලදී.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.